අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්වශක්ති අභිමානී - 2017 වැඩසටහනින් මාතරට සම්මාන රැසක්

    නොවැම්බර් 15, 2017

    ස්වශක්ති සංවිධාන ඇගයීම සඳහා වූ ස්වශක්ති අභිමානී - 2017 සම්මාන උළෙලේ දී මාතර දිස්ත්‍රික්කයට සම්මාන රැසක් හිමි විය.

    මෙම සම්මාන උළෙල සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි.

     

    සමාජ සවිබල ගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යාංශය, සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදි.

     

    හොඳම ස්වශක්ති සංවිධානය - ප්‍රථම ස්ථානය - නව සහන ස්වශක්ති සංවිධානය - දික්වැල්ල, හොඳම ස්වශක්ති සාමාජිකයා - ප්‍රථම ස්ථානය - එම්.ඒ.ඊ. යේඊස් මහතා - නව සහන ස්වශක්ති සංවිධානය - දික්වැල්ල, හොඳම ස්වශක්ති ව්‍යාපෘතිය - දෙවන ස්ථානය - දෙව්පුර ආබාධ සහිත පුද්ගලයින්ගේ සම්පත් මධ්‍යස්ථානය - දෙවිනුවර, හොඳම ස්මාට් නව නිපැයුම්කරු - තුන්වන ස්ථානය - එච්.කේ.ධර්මදාස මහතා - නව සහන ස්වශක්ති සංවිධානය - දික්වැල්ල, ස්වශක්ති සංවිධානය මෙහෙය වූ සාර්ථකම ප්‍රාදේශිය නිලධාරියා - ප්‍රථම ස්ථානය - නදීකා සමරසිංහ මහත්මිය - දික්වැල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, ස්වශක්ති සංවිධානය මෙහෙය වූ සාර්ථකම දිස්ත්‍රික් නිලධාරියා - ප්‍රථම ස්ථානය - එස්.ඩබ්.ඒ.අමරසේන මහතා හා වයි.එස්.තනුජා රෝෂිණී මහත්මිය - මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

     

    මෙම සම්මාන උළෙල සඳහා දිවයින පුරා ස්වශක්ති සංවිධාන හා අදාළ නිලධාරීන් සහභාගි වී සිටියහ.

    මාතර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya