අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එල්මෝ ප්‍රනාන්දු කොළඹ සිට.... නිහඬ වෙයි

    අගෝස්තු 11, 2016

    ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීන ජනමාධ්‍යවේදියකු වූ බීබීසී ලෝක සේවයේ හිටපු කොළඹ වාර්තාකරු සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හිටපු ජ්‍යේෂ්ඨ නිවේදකයකු වූ එල්මෝ ප්‍රනාන්දු මහතා  ඊයේ අද (11) අලුයම අභවප්‍රාප්ත වී තිබේ.


    අභාවප්‍රාප්ත වනවිට 75වනවියේ පසූ වූ එල්මෝ ප්‍රනාන්දු මහතා, තිදරු පියෙකු වෙයි. 1967 දී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට එක් වූ ඒ මහතා  1984 දී පිලිපීනයේ කතෝලික ගුවන්විදුලි සේවයට ( වෙරිටාස් ) සම්බන්ධ විය. ඉන් පසුව බී .බී.සී සේවයට සම්බන්ධ වන එල්මෝ ප්‍රනාන්දු මහතා වසර 20ක පමණ කාලයක් සේවය කළේ ය.

     

    ජනමාධ්‍යවේදි එල්මෝ ප්‍රනාන්දු මහතාගේ දේහය බත්තරමුල්ල, පැලවත්ත, අංක 314 නිවසේ තැම්පත්කර තිබෙන අතර අවසන් කටයුතු අද (11) පැලවත්ත,රෝමානු කතෝලික දේවස්ථානයේ  සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිත ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya