අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොසොන් උළෙල

    ජූනි 22, 2016
    සාමුහික උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස මෙවර පොසොන් උත්සවය කිසිදු ගැටළුවකින් තොරව පැවැත්වීමට හැකි වු බව , අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා පැවසීය.
    මෙවර පවත්වනු ලැබුවේ , 2323 වන පොසොන් උත්සවයයි. අනුරාධපුර අටමස්ථානය , මිහින්තලය හා තන්තිරිමලය යන පුජා ඓතිහාසික පූජනීය ස්ථාන කේන්ද්‍රකරගෙන සෑම වර්ෂයකම පොසොන් උත්සවය පැවැත්විණි. 
     
    පොසොන් උත්සවය කමිටුවේ තීරණයක් මත දිස්ත්‍රික් ලේකම්වරයා විසින් තිසා වැවේ දිය නෑම තහනම් කිරිමේ  ප්‍රතිපත්තිමය තීන්දුව ගනු ලැබුවේ , අභියෝගාත්මක ලෙසයි. තිසා වැවේ ජලයට අප ද්‍රව්‍ය එකතුවීම හරහා ජලය අපිරිසිදු වීම වැලැක්වීම මෙහි අරමුණ විය. අනුරාධපුර  නගරවාසි ජනතාව වැඩි පිරිසක් දෛනිකව පරිභෝජනය සදහා ජලය ලබාගන්නේ දිසා වැවෙන්. එමෙන්ම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පැන් පේ කිරීමට දිසා වැවේ ජලය ප්‍රයෝජනයට ගැනීමටද දිගු ඉතිහාසයක් තිබේ. මේ අනුව තිසා වැවෙන් දිය නෑම තහනමට ලක් කීරීම ජනතාවාදී ඓතිහාසික තීන්දුවකි. එය ඓතිහාසික උරුමයක් ආරක්ෂාකර ගැනීමක් බව පැහැදිලි කරමින් සාමාන්‍ය ජනතාව , ප්‍රභූ පිරිස් , දේශපානඥයින් ආදී  විවිධ තරාතිරමේ පිරිස් ප්‍රසාදය එක් කළේය. එසේ ගත් තීන්දුව සාර්ථක වු බව නීරීක්ෂණය විය. තිසා වැවේ දිය නෑමට බැතිමතුන් පියවර නොගත්තේ ය. 
                                                                                                                                                                                                                                                                                    sri
    මෙහිදි මහා සංඝරත්නය , මාධ්‍ය ආයතන ආදිය දැක්වූ සහය අති ප්‍රශංසනීය බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.  මෙය ජීවිතාරක්ෂාව සදහා ද පහසුවක් විය. තිසාවැව වෙනුවට දිය නෑම සදහා බසවක්කුලම වැවත්  අවට තවත් වැව් කිහිපයකුත් සුදානම් කර තිබිණි. ඒ සෑම වැවකටම ජීවිතාරක්ෂක කණ්ඩායම් යෙදවී ය. බසවක්කුලම වැව හා පොකුණු තුන ජලස්නානයට සුදුසු පරිදි පිළිසකර කිරීම කඩිනමින් සිදු  කරන ලදි. එහිදි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විශාල කැපකිරිමක් සිදුකළ අතර තවත් ආයතන කිහිපයක් සහය දැක්වීය. බසවක්කුලම වැවෙහි නාන තොටුපල දහයක් ඉදිකිරිමට යෝජනා වී ඇති අතර රජයෙන් සහ වෙනත් ධන පරිත්‍යාගශීලින් කිහිපදෙනෙකු දැනටමත් එම තොටුපල කිහිපයක් ඉදිකිරිමට භාරගෙන තිබේ. එමෙන්ම බසවක්කුලම වැව තව දුරටත් පිරිසිදු කර ජලස්නානය සදහා සුදානම් කිරිමේ වගකිම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් භාරගෙන ඇත. 
     
    මෙවර  පොසොන් උත්සවයේ දී පරිසර සුරක්ෂිතාවය පිළිබදව වැඩි සැලකිල්ලක් දැක් වූ අතර කසල බැහැර කිරිම පිළිබදව නිශ්චිත ක්‍රමවේද අනුගමනය කරන ලෙස මාධ්‍ය හරහා සහ විවිධ ප්‍රචාරණ ක්‍රමවේද මගින් දැනුවත් කරන ලදි. මධ්‍යම පරිසර අධිකාරිය ඒ සදහා කැප වී ක්‍රියා කළේය. පාසල් පරිසර භට කණ්ඩායම් ද යෙදවීය. පසුගිය වසරට වඩා කසල බැහැර කිරිමේ දී ජනතාව සැලකිල්ලෙන් කටයුතු කරමින් පුජා නගරය අපවිත්‍ර කිරිමෙන් වැලකිමට ක්‍රියාකර ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි. මහ නගර සභාවේ මැදිහත් විමෙන් පිරිසිදු කිරිම් ආදිය මනාව සිදු කරන ලදි. 
     
    මෙවර පොසාන් උත්සවයේ පැවැති විශේෂත්වයක් ලෙස  සිල් සමාදන් වීම ඇතුළු ආගමික වැඩසටහන් සදහාම සහභාගී වු බැතිමතුන්ගේ වැඩි වීමක් දක්නට ලැබිම සදහන් කළ හැකි බව කුමාරසිරි මහතා පවසයි. 
    පසුගිය වසරේ දි මෙන්ම මෙවරත්  පොලිස් නිලධාරින් විසින් බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සාර්ථකව ක්‍රියාත්මක විය. මනා රථවාහන සැලැස්ම හේතුවෙන් වාහන තදබදයක් ද පැන නොනැගිනි. බැතිමතුන්ගේ පහසුවට අමතර බස් රථ යොදවා ගමනාගමනය පහසුකර තිබුණි. සුපුරුදු පරිදි අනුරාධපුරය හා මිහින්තලය අතර දුම්රිය ධාවනය ද සිදුවිය. 
     
    අති විශාල දන්සල් සංඛ්‍යාවක් පොසොන් පොහොය දින සහ ඊට පසු දින ක්‍රියාත්මක වු අතර ඒවායෙහි ප්‍රමිතිය පිළිබද සොයා බැලිම නිතර සිදු කළේ ය. එහිදි පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් 19 , 20 සහ 21 යන දිනයන් හි දී කරන ලද වැටලීම් වලින් තන්තිරිමලය ,  අනුරාධපුරය හා මිහින්තලය ප්‍රදේශවල ප්‍රමිතියෙන් තොර භාණ්ඩ අලෙවිකරන ලද වෙළදසැල් 40 කට ආසන්න සංඛ්‍යාවක් වටලා තිබේ. ඒවා සියල්ලම වැඩි මිළට අලෙවි කිරිම් හා කල් ඉකුත් වු භාණ්ඩ පිළිබද වැටලීම් ය. ප්‍රමිතියෙන් තොර බෞද්ධ කොඩි විකුණු වෙළද සැල් ද ඒ අතර වේ. මේ  සියලු වෙළෙදුන් සදහා ඉදිරියේ දි නීත්‍යානුකුල පියවර ගන්නා බව පාරිභෝගික අධිකාරියේ  අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරියෙකු පැවසී ය. 
     
    එමෙන්ම ප්‍රමිතියෙන් තොර බෞද්ධ කොඩි නගරයේ විවිධ ස්ථානවල ප්‍රදර්ශනය කර තිබු නමුත් ඒවා දුටු සැනින් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. ඇතැම් මාධ්‍ය ආයතන සෘජුව ඇස නොගැටෙන තැන් වල, පොසොන් කමිටුවේ නිර්දේශයන්ට පටහැනි ආකාරයෙන් බැනර ප්‍රදර්ශනය කර තිබු බවද දිස්ත්‍රික්ලේකම්වරයා පැවසීය. 
     
    පොසොන් සතිය පුරා සුරා සැල් වසා තැබුන අතර ඊට පටහැනිව ක්‍රියාකරන පිරිස් සදහා නීති මගින් කටයුතු කිරිමට පොලීසිය හා ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නිලධාරීන් ක්‍රියාත්මක විය.  19 වනදා සිට 21  වන දින දක්වා වන  විට මත්ද්‍රව්‍ය අලෙවි කළ , ඒවා භාවිත කළ සිද්ධි 180කට ආසන්න සංඛ්‍යාවක් වටලා තිබේ. ඉන් සිද්ධි 40 කට පමණ නඩු පැවරීමට කටයුතු යොදා ඇති බව ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීවරයා පැවසී ය. 
     Thanthirimale
    “පොසොන් පොහොය දිනයේ සහ ඉන් පසු දින විශේෂයෙන්ම බැතිමතුන් එක් රැස්වන සෑම තැනකටම ගොස් එම ස්ථානවල පහසුකම් ,  අනවශ්‍ය ක්‍රියාකලාප පිලිබදව සොයා බලා ඒවා නිරාකරණය කිරිමට කඩිනමින් කටයුතු කළා. දිස්ත්‍රික් ලේකම්වරයා හැටියට පළාත් සභාවෙන් , ආරක්ෂක අංශ වලින් , ජනමාධ්‍ය තුලින් , අනුරාධපුර සාමාන්‍ය ජනතාවගෙන්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් , ස්වේච්ඡා සංවිධාන වලින් , දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් ලේකම් වරුන් , මාණ්ඩලික නිලධාරින් මෙන්ම සියලුම කාර්ය මණ්ඩලය දැක් වු සහය නිසාත් , ප්‍රාදේශිය ලේකම් වරුන් මෙන්ම ඒවායෙහි කාර්ය මණ්ඩල දැක්වු සහයත් හේතුවෙන් මෙවර පොසොන් උත්සවය අති සාර්ථක කරගැනිමට හැකි වුණා,, යනුවෙන් ද අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඩී.පි.ජී. කුමාරසිරි මහතා පැවසීය. 
     
    ෂෙල්ටන් ඉන්දික බණ්ඩාර 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya