ඒ සැදැහැවත්භාවය ඒ කාරුණිකභාවය ඒ සෙනෙහෙබරභාවය මේ රටේ සමස්ත පොදු ජනතාවගේ හෘද සාක්ෂිය තුළ පැළපදියම් විය යුතු පාඩමක් බවට පත් වී තිබෙන බවද එතුමා පැවසීය.
ඒ නිසා මේ රටේ සෑම කෙනෙක් එක්කම කියන්නේ ඒ ප්‍රශ්නවලට අපි විසඳුම් ලබාදිය යුතුයි අතර අද රටේ ජනතාවට අවශ්‍ය අලුත් ආණ්ඩුවක් තෝරා ගැනීමද?. අද රටේ ජනතාවට අවශ්‍යය අලුත් නායකයෝ තෝරා ගැනීමද? අද මේ රටේ ජනතාවගෙන් ඇහුවොත් පොදුවේ කුමක්ද තියෙන ප්‍රශ්නය කියලා පොදු ජනතාවගේ හෘද සාක්ෂිය තුළ ප්‍රශ්න ගණනාවක් තිබෙන බවද ජනාධිපතිතුමා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා දේශපාලන වශයෙන් දරන මත තිබෙන බවත්, එක්සත් ජාතික පාක්ෂිකයා දේශපාලන වශයෙන් දරන අදහස් තිබෙන බවත්, අනෙක් පක්ෂවල අය ඒ ඒ පක්ෂ මතයන් දරන බවත්, නමුත් පක්ෂයේ න්‍යාය පත්‍රය අංක දෙකට දාලා අංක එකට රටේ න්‍යාය පත්‍රය අරගෙන අංක එකට රටේ ජනතාවගේ න්‍යාය පත්‍රය අරගෙන පොදු ජනතාවගේ හෘද සාක්ෂිය තුළ කියැවෙන ප්‍රශ්න මාලාවට පිළිතුරු දීම අවශ්‍යය වන බවත් සඳහන් කළේය.
ලෝකයේ රටවල්වල දේශපාලන පක්ෂ ගොඩනැගෙන්නෙත් කාල් මාර්ක්ස්ලා, ලෙනිල්ලා එංගල්ස්ලා, මා ඕ සේතුන්ලා, ඒබ්‍රහම් ලින්කන්ලා, මහත්මා ගාන්ධිලා, නේරුලා ඒ සියලු දෙනාම දේශපාලන පක්ෂ ගොඩනඟලා ඒ පක්ෂ මොනතරම් පිරිසිදුව ගෙනිච්චද කියන ඔබ පොත පතින් කියවලා තියෙන බව ද හොඳ රටක් හදන්න හොඳ දේශපාලන පක්ෂයක් අවශ්‍යය වන බවද හෙට අනිද්දා ආණ්ඩු හදන්න කතා කරන එක නොව හොඳ පක්ෂයක් බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදලා ඉන් පසු හොඳ ආණ්ඩුවක් හදන්න කටයුතු කිරීම සත්‍ය තත්ත්වය විය යුතු බවද ආණ්ඩු හදන්න කලබල වෙන්න අවශ්‍යය නොවන බවද එසේ කලබල වී ආණ්ඩු හදලා ආපහු තිබුණු තැනමට වැටෙන්න අවශ්‍ය නොවන බවද ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
අම්බලන්ගොඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනය අමතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කළ සම්පූර්ණ කතාව – 2016 අප්‍රේල් මස 23 වන දින අම්බලන්ගොඩදී
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සම්මේලනයකට මීට වසර හතරකට පහකට කලින් මම ශාන් විජයලාල් ද සිල්වා මහ ඇමතිතුමාගේ ආරාධනයෙන් සහභාගී වුණා. අම්බලන්ගොඩ සිටි දීර්ඝකාලීන මගේ මිත්‍රයෙක් වූ අභාවප්‍රාප්ත ආ.ම. කරුණාරත්ත මැතිතුමා ඔබට මතක නැතුව ඇති. මම ඔහු සමග අම්බලන්ගොඩ අතුරු මැතිවරණය ජයග්‍රණය කරන්න ගෙන් ගෙට ගිය කෙනෙක්. මේ ආසනයේ මම නොගිය ගෙයක් තියෙනවනම් ඒ 83 න් පස්සේ හැදුන ගෙවල්.
අපි අද අම්බලන්ගොඩ මැතිවරණ කොට්ඨාශය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සම්මේලනයට ඔබව කැඳවලා විශේෂ දේශනයක් කරල දෙන පණිවිඩය කුමක්ද? මෙතන සිටින වැඩිහිටි පිරිස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසය හොඳින් දන්නවා. ඒ වගේම රටේ දේශපාලන ඉතිහාසය දන්නවා. නිදහස ලබපු අපි 48 දී අපේම කියන රටක්, අපේ භාෂාව අපේ දේශීයත්වය, මේ සියල්ල සමග නැගී සිටින්න පුළුවන් වුණේ බණ්ඩාරනායක මැතිතුමා 56 කරපු දේශපාලන, සමාජ සහ සංස්කෘතික පරිවර්තනයේ ප්‍රතිඵලයක් ලෙයසි.
ඒ නිසා මේ වේදිකාවේ ඉන්න හැමෝටම දුප්පත් පවුල්වලින් බිහිවෙලා මැති ඇමතිවරුන් වෙන්න පුළුවන්කම ලැබුණේ, මේ වේදිකාවේ ඉන්න විද්වත් මහචාර්යවරුන්ට, විශ්‍රාමික පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ඒ සෑම කෙනෙකුටම ඒ තනතෙවලට යන්න පුළුවන්කම ලැබුණේ බණ්ඩාරනායක අගමැතිිතුමා කළ සමාජ පරිවර්තනයත් නිසයි. එතුමාගේ දර්ශනය ඒ යුගය තුළ දේශපාලන දර්ශනයකට පෙළ ගැහුණේ රට තුළ තිබුණු සංස්කෘතික, ආර්ථික, සමාජයීය ප්‍රශ්න එක්ක ගොඩනැගුණ බලවේග නිසයි.
ඒ නිසා එතුමාට පුළුවන්කම ලැබුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවලා වසර 5 ක් වැනි කෙටි කාලයකින් ආණ්ඩුවක් පිහිටුවන්න මේ රටේ එහෙම වෙන්න තිබුණු ප්‍රශ්න මොනවාද ඒවාට බණ්ඩාරනායක මැතිතුමා දුන් විසඳුම් මොනවාද. ඒවා කතාකරන්න ගියොත් බොහොම දීර්ඝයි. නමුත් බණ්ඩාරනායක අගමැතිතුමා 56 මැතිවරණය කාලේ සල්ලි නැතුව කොළඹ රොස්මිඞ් පෙදෙසේ නිවස උගසට තියා ගත්ත සලලි වලිනුයි මැතිවරණ කළේ.
ඉතාම පිරිසිදු දේශපාලනඥයෙක් විදියට, රටට පැහැදිලි දර්ශනයක් දුන්න දේශපාලනඥයෙක් විදියට රටට අවශ්යප පරිවර්තයන් සඳහා තමන්ට කළ හැති දෑ කළ දේශපාලනඥයෙක් විදියට, පුංචි මිනිසුන්ට ඉදිරියට එන්න දීලා රටේ වැඩ කරන ජනතාවට නිදහස දීලා මැයි දිනය ලංකාවේ නිවාඩු දිනයක් බවට පත්කරලා. කම්කරු අයිතිවාසිකම් දීලා ගොවියගේ අයිතිවාසිකම් දීලා රාජ්‍ය සේවයේ අවශ්‍ය වෙනස්කම් කරලා මේ රටේ විශ්වවිද්්‍යාලවලට ඇතුල් වෙච්ච දරුවෝ ඒ යුගයේ ඉංග්‍රීසි භාෂාවෙන් ලියපු උපාධිය ප්‍රථම වරට සිංහල භාෂාවෙන් ලියන්න 58, 59 වසරවල බණ්ඩාරනායක මහත්මයා හදපු සමාජ ක්‍රමයත් එක්ක තමයි 56 විප්ලවයක් වුණේ.
මමත් එතුමාගේ දර්ශනයෙන් බිහිවූ දරුවෙක් බව අද මම බය නැතුව කියනවා. බණ්ඩාරනායක මැතිතුමා තරම් රාජ්‍ය නායකත්වයට පත්වෙලා දැඩි ලෙස පීඩාවට පත්වූ නායකයෙක් මේ රටේ ඉතිහාසයේ නැහැ. එතුමා අගමැති වූ පසු දෙන්න තියෙන හැම වදයක්ම දුන්නා. වැඩ වර්ජන හාරසිය ගණනක් ආවා. ආණ්ඩුව ඇතුලේ කැරලි ඇතිවුණා. එතුමා අමාත්‍යය මණ්ඩල රැස්වීමට ගිහින් වාඩිවුණාම ඇමතිවරු කැබිනට් මණ්ඩලය වර්ජනය කළා, එතුමාට විරුද්ධව. බණ්ඩාරනායක මහත්මයා අගමැති වෙන්න කලින් අගමැති කමේ සිටි සර් ජෝන් කොතලාවල මහත්මයා කිව්වා මම බැඳපු බල්ලෝ බණ්ඩා ලිහුවා කියලා.
බණ්ඩරානායක මහත්මයාට විරුද්ධවාදීන් කිව්වා පිටකොන්දක් නෑ කියලා. සෙවල බණ්ඩා කිව්වා. මහා භාරතයේ නිදහස් සටන ගෙනගිය මහත්මා ගාන්ධිතුමාට අද මහා භාරතය පමණක් නොවේ මුළු ලෝකයේම ශිෂ්ට මානව සමාජය ගෞරව කරනවා. එතුමාට විරුද්ධ පක්ෂේ අය කිව්වා මේ නාකි මහල්ලා මේ නාකියා මොනවද මේ කරන්නේ කියලා. එතුමාට නින්දා අපහාස කළා. එතුමාව පිස්තෝල වෙඩිල්ලකින් මරලා දැම්මා. ඒ වගේම අගමැති වරයෙක් විදියට වසර තුනහමාරක් දුක් විදලා බණ්ඩාරනායක මැතිතුමා ජීවිතයේ කටුක අත්දැකීම් වලට ලක්වෙලා මේ රටේ මේ දක්වා බිහිවූ කිසිදු රාජ්‍ය නායකයෙක් පීඩාවක් ලක් නොවූ ලෙස පීඩාවට ලක්්වෙලා මියගියා . එතුමාව ඝාතනය කලේ එල්.ටී.ටී.ය නෙවෙයි. යූ.එන්.පී. ය නොවේ. එතුමාව ඝාතනය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝයි. මිනිසුන් මිනිසුන්ට සලකන්නේ එහෙමයි. ඇමරිකාවේ මහා පරිවර්තනයක් කළ ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමාව වෙඩි පහරකින් මරලා දැම්මා. ඒ විදියට තමයි මිනිසුන්ට නිදහස දෙන, සමාජ පරිවර්තන කරන නායකයින්ට මිනිස්සු උත්තර දීලා තියෙන්නේ. ලොකුකම, උද්දච්ච කම, මහත්නත්තකම රජකම වගේ තනතුරු පාවිච්චි කරන මිනිසුන්ට ළඟට යන්න බැරි නිසා එහෙම උත්තර දී ගන්න බැරිවුණා. නමුත් පොඩි මිනිහ එක්ක ගැවසෙන, පොඩි මිනිහා එක්ක කතා කරන, පොඩි මිනිහගේ ප්‍රශ්න පිළිබඳ සංවේදී වන ලෝකයේ නායකයින් වැඩි පිරිසකට අත් වුණේ බෝම්බය, වෙඩිල්ල් බව ඉතිහාසය දන්න ඔබ දන්නවා.
බණ්ඩාරනායක මැතිතුමාගෙන් පසුව පක්ෂයේ නායකත්වය ගත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඒ යුගය තුළ තිබූ මොනතරම් බරපතල ප්‍රශ්න විසඳුවාද. කච්චතිව් දූපතේ ප්‍රශ්නය. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන රටවල් දෙකෙන් කාටද මේක අයිති. දෙරටේ යුද්ධයක් ඇතිවෙන ආකාරයට ප්‍රශ්නය දුරදිග ගියා. දෙරට අතරේ ද්වන්ධ සටනක පෙර නිමිති ඇතිවුණා. නමුත් බණ්ඩාරනායක මැතිනියගේ තිබුණු ශ්‍රේෂ්ඨ නායකත්වය තුළ එතුමියට පුළුවන් වුණා ඉන්දිරා ගාන්ධි මැතිණියත් එක්ක කතාකරලා ප්‍රශ්නය බේරගන්න.
1960 දශකයේ මුල් භාගයේ ඉන්දියාවයි චීනයයි මහා දේශසීමා අරගලයකට ගියා. ලක්ෂ ගණන් මැරුණා . නායකයින්ට පරදශකශ්න විසදාගැනීමට බැරිවුණා. ලෝකයේ රාජ්‍ය නායකයෝ මැදිහත් වූණා ප්‍රශ්නය විසඳන්න. ඒත් විසඳුණේ නැහැ. නමුත් සිරිමාවෝ මැතිණිය ඉන්දු චීන නායකයින්ට කතා කරලා එතුමියට පුළුවන් වුණා ලක්ෂ ගණන් මියගිය, ඉන්දු චීන දේශ සීමා අරගලය නවත්වන්න .
නිදහසෙන් පසු 1970 ගණන් වෙනකම් දේශපාලනඥයෝ, ජනමාධ්‍යය, පාර්ලිමේන්තුව කාතා කළ ප්‍රබල ප්‍රශ්නයක් ඉන්දීය සම්භවයක් තියෙන දෙමළ වතු කම්කරුවන්ගේ ප්‍රශ්නය. ඉංග්‍රීසි කාසි පාලකයේ මේ රටේ වතු ආර්ථිකය ගොඩනඟන්න ඉන්දියාවෙන් කම්කරුවෝ ගෙනාවා. ඒ අයට මේ රටේ පුරවැසිකම තිබුණේ නැහැ. කාලයක් යනවිට ඉන්දියාව කිව්වා ලංකාවට ඇවිත් ඉන්න අයගේ ප්‍රශ්නය ඔයාලා බාරගන්න අපිට බැහැයි කියලා.
අපේ රටේ නායකයො කිව්වා ඉන්දීය රජයට ඉන්දියාවෙන් ආ මේ කම්කරුවෝ බාර ගන්න. අපට අපේ රටේ ජනතාවගේ ප්‍රශ්න බලාගන්න පුළුවන් කියලා. විසදුණේ නැහැ. නුවරඑලිය, බදුල්ල, මහනුවර, මාතලේ ආදී ප්‍රදේශවල ජීවත්වුණ අදත් ජීවත්වන ඉන්දීය සම්භවයක් ඇති වතු කම්කරුවන්ගේ ප්‍රශ්නයේදී සිරිමාවෝ මැතිනිය ලාහෝර් ඉන්දීය අගමැතිවරයා සමග සාකච්ඡා කර ප්‍රශ්නය විසඳගෙන ලක්ෂ ගාණක් මේ රටෙන් ආපහු ඉන්දියාවට යැව්වා.
අද අපේ පාසැල් දරුවෝ කියවන්නේ පාසැලේ විෂය නිර්දේශයට තිබෙන පොත පතට සීමා වෙලා. අපි නිදහසින් පසු ලංකාව මුහුණ දුන් දේශපාලන අර්බුද රාශියකට මුහුණ දුන්නා. ඒ සියල්ල සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියට ආවා.1970 බණ්ඩාරනායක මැතිනිය නායකත්වය ගත් ආණ්ඩුව ඉඩම් අක්කර 50 යි එක් අයෙකුට තියෙන්න පුළුවන් කියන නීතිය සම්මත කළා. බණ්ඩාරනායක පවුලට තිබුණුු ඉඩම් අක්කර තුන් දහස් ගණනක් මේ යටතේ ජනතාවට බෙදා දෙන්න රජයට බාර දුන්නා.එහෙම තමයි අපේ නායකයෝ වැඩ කළේ.
2005 දී මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වුණා. එතුමා බලයට පත්කරන්න ඉදිරියෙන් සිටි පළමුවැනියා මමයි. එය මම පැහැදිලිව කියන්නට කැමතියි. එදත් පක්ෂය තුළ අර්බුදයක් තිබුණා. රාජපක්ෂ මහතාගේ සහෝදරයෝ ලංකාවේ සිටියේ නැහැ. ඇමරිකාවේ සිටියේ. එයාලා ඇමරිකාවේ සිට මැතිවරණ ව්‍යාපාරයට එනවිට අපි දිනන්න පුළුවන් මැතිවරණ ව්‍යාපාරයක් හදලා ඉවරයි.
ඒ අසීරු මැතිවරණයේ දී මගේ අත්සනින් තමයි ආසන සංවිධායකවරු, මැතිවරණ මෙහෙනවන ලේකම්වරු, මැතිවරණ මෙහෙයවන කමිටු කොළම සිට ලංකාවේ සතර දිග් භාගයට පත්කළේ . ඒ මැතිවරණය බොහොම කරට කර ගිය මැතිවරණයක්. අපි ඒ විදියට ඉදිිරියට ආවා. මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය තුළ මේ රටේ ජනතාව, ත්‍රිවිධ හමුදාව, පොලීසිය යුද්ධය ජයග්‍රහණය කළා. 2008-2009 වන විට යුදමය වශයෙන් එල්.ටී.ටී.ය පරාජය කළා. 2010 ජනාධිපතිවරණයකට ගියා. 2010 පාර්ලිමේන්තු මැතිවරණයකට ගියා. යුද්ධය අවසන් කළ අපට යුද්ධයේ වෙඩි හ`ඩ රණවිරුවන්ගේ වෙඩි හඬින් පරාජය කළා. නමුත් අපිට බැරිවුණා ඊළාම් මතවාදය පරාජය කරන්නට. රටින් පිට හිටි ඊළාම් වාදීන් සටන අතහැරියේ නැහැ. එල්.ටී.ටී.ඊ. බුද්ධි මණ්ඩලය සිටියේ රටෙන් පිටයි. එල්.ටී.ටී.ඊ. විද්වතුන් හිටියේ රටෙන් පිට. එයාලා සල්ලි එව්වා. ආයුධ එව්වේ. එල්.ටී.ටී.ඊ අය ලෝකයේ වෙන රටවල් වලට අරන් ගිහින් පුහුණු කළේ ඔවුනුයි.
2009 මැයි 18 වැනිදා එල්.ටී.ටී.ඊ.ය යුදමය වශයෙන් පරාජය කළා. නමුත් රටෙන් පිට සිටි එල්.ටී.ටී.යි විද්වතුන් ඒ මතවාදය අතහැරියේ නැහැ. 2010 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් මහින්ද රාජපක්ෂ මහතාටත් අපි හැමකෙනෙකුටම වගකීමක් ඉතුරු වෙලා තිබුණා. ඒ භෞතික වශයෙන් එල්.ටී.ටී.ය පරාජය කළත් ලෝකය තුළ තිබෙන එල්.ටී.ටී.ඊ මතය පරාජය කිරීමේ සටනයි.
2010 පස්සේ අපි වසර 5 ක් රට පාලනය කළා. උතුර, දකුණ, නැගෙනහිර සංවර්ධන කළා. පාරවල් හැදුවා. ගඩොල් වැලි සිමෙන්ති යකඩවලින් ඒවා හැදුවට මේ රටෙන් පිට සිට නැවත එල්.ටී.ටී.ඊ.ය ගොඩනගා නැවත මේ රට කඩන්න උත්සාහ ගන්න මුහුදෙන් එහා සිටින එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ගේ මතය කඩන්න අපිට අමතක වුණා.
2015 මැතිවරණය සඳහා 2014 පක්ෂය තුළ තීන්දුවක් ගන්න සාකච්ඡා කරන විට මම අරලිය ගහ මන්දිරයේදී ලිඛිතව මහින්ද රාජපක්ෂ මහත්මයාට දුන්නා ඒ ගැන මගේ මතය. පක්ෂ නායකයෝ එක මේසෙට ගෙනත් මහින්ද රජපක්ෂ මහත්මයාට මගේ අතින් පළවෙනි කඩදාසිය දීලා අනෙක් නායකයන් සියලු දෙනාට ඒ කොලේ බෙදලා මම කිව්වා ඡන්දෙකට යන්න එපා, ජනාධිපතිවරණයක් තියන්න එපා. මේ කඩදාසියේ තිබෙන දේශපාලන ප්‍රසංස්කරණ, ආර්ථික ප්‍රතිසංස්කරණ, පක්ෂයේ ප්‍රතිතිසංස්කරණ කරන්න කියා මම ලිඛිතව දුන්නා.
නමුත් මගේ යෝජනා පිළිගත්තේ් නැහැ. මැතිවරණයකට ගියා. 2015 නොවැම්බර් මාසය වනවිට පක්ෂයේ සහ ආණ්ඩුව අභ්න්තරයේ ඇතිවූ ප්‍රශ්නත් එක්ක ප්‍රජාතන්ත්‍රවාදී නිදහස පිළිබඳ අර්බුද රාශියක් ඇතිවුණා. කැබිනට් මණ්ඩලයට ආ විට නැත්නම් පාර්ලිමේන්තුවට ආ විට ඇමතිවරු කතා කළේ මේ ප්‍රශ්න විසදාගත්නේ් කොහොමද කියලා. පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැදවූ විට මම ලේකම් විදියට ඉදිරිපත් කළ න්‍යා පත්‍රයේ අඩංගු කරුණු ඇරෙන්න වෙන එක දේශපාලන කාරණාවක් ඇවිල්ල ඉන්න කිසි කෙනෙක් කතා කළේ නැහැ. එහෙම කතා කරන්න ඉඩ කඩක් තිබුණෙ නැහැ. ඒ නිසා තමයි මම ලිඛිතව දුන්නේ ජන්දෙකට යන්න එපා කියලා. නමුත් ඒ කරුණු ඉටුවුණේ නැහැ.
මම එදා ආණ්ඩුවෙන් එලියට බැහැලා වෙනත් දේශපාලන පක්ෂයක සාමාජිකයෙක් වුණේ නැහැ, මම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් විදියටම එක්සත් ජාතික පක්ෂය ඇතුඑ පක්ෂ සංවිධාන 49 ක් සමග ගිවිසුමකට අත්සන් කෙරුවා. ඒ අත්සන් කළේ පොදු වැඩපිළිවෙළකට. එහි කරුණුු ගණනාවක් ඇතුළත් වුණා. මේ රටට අවශ්‍ය පරිවර්තනයන් පිළිබඳව. ඒ තුළ මූලිකව සඳහන් කළේ මේ රටේ නැවත යුද්ධයක් ඇති නොවෙන්න සිංහල, දමිළ, මුස්ලිම් ජනතාව තුළ ජාතික සංහිඳියාව ශක්තිමත් කරන වැඩපිලිවෙළක අවශ්‍යයතාවය ශක්තිමත් කරනවා කියායි.
ඒ නිසා උතුරේ, දකුණේ, නැගෙනහිර ජනතාව මට ඡන්දෙ දුන්නා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන්ගෙන් සියයට 10 ක් 15 ක් මට ඡන්දෙ දුන්නා. මගේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ සියයට තිහකට වැඩියෙන් මට ඡන්දෙ දුන්නා. මම මේ රට භාරගත්තේ පශ්චාත් යුද සමයක කාර්යයන් ඉටු කිරීමටයි. උතුරේ තරුණයෝ, නැගෙනහිර තරුණයෝ තුවක්කු අතට ගන්න එක වළක්වන්න, මේ රට කඩන දේශපාලන මතවාදය පරාජය කරන්න පුළුල් ජාතික වැඩසටහනක අවශ්‍යතාවය තිබෙනවා. ඒක කරන්න පාරවල් හදලා බැහැ. ගොඩනැඟිලි හදලා ඒක කෙරෙන්නේ නැහැ. එහෙම කරන්නට නම් දකුණේ ජනතාව උතුරේ ජනතාවගේ හෟද සාක්ෂිය තේරුම්ගැනීම අවශ්‍යයයි. මම උතුරට ගිහිලලත් දකුණට ගිහිල්ලත් නිතර පවසන්නේ එයයි. දකුණේ ජනතාව උතුරට ගිහිල්ලා වසර 27 ක් කඳවුරුවල දුක් විඳින ලක්ෂයකට වැඩි උතුරේ ජනතාවගෙන් අහලා බලන්න ඔවුනට තිබෙන ප්‍රශ්න මොනවද කියලා.
මේක පහසු කාර්යයක් නොවේ. මේක අභියෝගාත්මකයි. තමුන්නාන්සේලා වසර 27 ක් තමන්ගේ ගෙදර ඉඩම නැතුව කඳවුරක දාලා හිටියොත් එහෙම තමුන්නාන්සේලා 27 වසරක් ඉවසයිද කියා මම අහන්න කැමතියි.
ජනතාවගේ හෘද සාක්ෂිය තුළ ඇති ජනතාවගේ ප්‍රශ්න අපි තේරුම් ගැනීම අවශ්‍යය වෙනවා. රටක් ගොඩනඟන්න සමාජයක් ගොඩනන්න මිනිස්සු තුළ මිනිස්කම ගොඩනගන්න කළ යුතු පරිවර්තනයන් කිරීම රටකට ඉතාමත්ම අවශ්‍යය වෙනවා. ඒ සැදැහැවත්භාවය ඒ කාරුණිකභාවය ඒ සෙනෙහෙබරභාවය මේ රටේ සමස්ත පොදු ජනතාවගේ හෘද සාක්ෂිය තුළ පැළපදියම් විය යුතු පාඩමක් බවට පත් වෙලා තිබෙනවා.
ඒ නිසා තමයි අද මම තමුන්නාන්සේලාත් එක්ක වගේම මේ රටේ සෑම කෙනෙක් එක්කම කියන්නේ ඒ ප්‍රශ්නවලට අපි විසඳුම් ලබාදිය යුතුයි කියලා. අද රටේ ජනතාවට අවශ්‍ය අලුත් ආණ්ඩුවක් තෝරා ගැනීමද?. අද රටේ ජනතාවට අවශ්යන අලුත් නායකයෝ තෝරා ගැනීමද? අද මේ රටේ ජනතාවගෙන් ඇහුවොත් පොදුවේ කුමක්ද තියෙන ප්‍රශ්නය කියලා පොදු ජනතාවගේ හෘද සාක්ෂිය තුළ තිබෙන ප්‍රශ්න ගණනාවක් තියෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා දේශපාලන වශයෙන් දරන මත තිබෙනවා. එක්සත් ජාතික පාක්ෂිකයා දේශපාලන වශයෙන් දරන අදහස් තියෙනවා. අනෙක් පක්ෂවල අය ඒ ඒ පක්ෂ මතයන් දරනවා. හැබැයි පක්ෂයේ න්‍යාය පත්‍රය අංක දෙකට දාලා අංක එකට රටේ න්‍යාය පත්‍රය අරගෙන අංක එකට රටේ ජනතාවගේ න්‍යාය පත්‍රය අරගෙන පොදු ජනතාවගේ හෘද සාක්ෂිය තුළ කියැවෙන ප්‍රශ්න මාලාවට පිළිතුරු දීම අවශ්‍යය වෙනවා.
තමුන්නාන්සේලා දන්නවා මහින්ද රාජපක්ෂ මැතිතුමා පසුගිය ජනාධිපති ඡන්දේ තිබ්බේ නැත්නම් අදත් මේ රටේ ජනාධිපති. මේ අවුරුද්දේ නොවැම්බර් මාසේ වෙනකම් එතුමාට ජනාධිපති ධුරයේ ඉන්න පුළුවන්කම තිබුණා. ඇයි අවුරුදු දෙකකට කළින් ඡන්දෙකට ගියේ. මම පක්ෂේ ලේකම් විදියට ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් විදියට එදා මම කියපු ජන්දයකට යන්න එපා. ඡන්දයක් තියන්න එපා. මේ ප්‍රතිතිසංස්කරණවලට යන්න කියලා. නියමිත කාලෙට ඡන්දෙකට යමු කියලා. ඒ දේවල් ඇයි මං එදා කිව්වේ. ඇයි මහින්ද රාජපක්ෂ මහත්මයා අවුරුදු දෙකක් බලයේ ඉන්න පුළුවන්කම තියෙද්දි ඡන්දෙකට ගියේ. සමහර අය කියනවා. අර ගාල්ලේ කවුද සාස්තර කියන මහත්මයෙක් කිව්ව හින්දයි ඡන්දෙකට ගියේ කියලා. නැහැ. මහින්ද රාජපක්ෂ මහත්මයා ඡන්දෙකට ගියේ ඒ හින්දා නෙවෙයි. මාත් ඒ මහත්මයා ගැන දන්නවා. බලයේ ඉන්න අවුරුදු දෙකක් තිබියදී මහින්ද රාජපක්ෂ මහත්මයා ඡන්දෙකට ගියේ ප්‍රධාන ප්‍රශ්න දෙකක් නිසා.
අංක එක තමයි පසුගිය අවුරුද්දේ මාර්තු මාසේ මේ රටට එන්න තිබුණු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ජිනීවා යෝජනාවලට මුහුණ දීමට. දෙවෙනි කාරණය තමයි ලෝක ආර්ථිකයත් එක්ක 2015 2016 වන විට අපේ රටේ ඇතිවීමට නියමිත බරපතල ආර්ථික අර්බුදය. මහින්ද රාජපක්ෂ මහත්මයා හිතුවා ඡන්දෙකට ගිහිල්ලා අලුත් ආණ්ඩුවක් හදපුවහම ඒකෙන් යම් විසඳුමක් ලබාගන්න පුළුවන් වෙයි කියලා. නමුත් අපේ රටේ අනාගතය බලපවුහම ප්‍රශ්නයේ දිග පළල බලපුවහම අපි හැම කෙනෙකුටම ප්‍රශ්නයේ ස්වරූපය දිග පළල පැහැදිලියි. අද තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීම නෙවෙයි. අද තියෙන්නේලුත් දේශපාලන සංවිධාන හදන එක නෙවෙයි. 2015 ජනවාරි 8 ඡන්දේ තිබිලා තමුන්නාන්සේලා දැක්කා මං 09 වෙනිදා හවස හයයි ගාණකට ජනාධිපති විදියට දිවුරුම් දුන්නා. ඒ ජනවාරි මාසේ නව වෙනිදා. එකොළොස් වෙනිදා මා ඇමතිවරයෙක් විදියට හිටපු නිල නිවාසේ ඉන්න කොට මාව මුණ ගැහෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ජ්‍යෙෂ්ඨ නායකයෝ විසි ගාණක් ආවා. ඇමතිවරු, මනත්‍රීවරු රාශියක් ඇවිල්ලා මට යෝජනාවක් කළා. මොකද්ද යෝජනාව. මට කිව්වා ඔබතුමා අපේ පක්ෂයේ හිටපු ලේකම්. ඔබතුමා අද ජනාධිපති පෙරේදා දිවුරුම් දුන්නා. ඔබතුමා මේ ශ්‍රී ඔබ ලංකා නිදහස් පක්ෂය භාරගන්න. මම පුදුමයට පත් වුණා. මාව පොදු අපේක්ෂකයා විදියට විපක්ෂය තෝරා ගන්න කොටත් මම පුදුමයට පත් වුණා. පොදු අපේක්ෂකයා විදියට මාව තෝරා ගන්න කොට මම පුදුමයට පත් වුණේ මම ඒක කවදාවත් බලාපාරොත්තු වුණේ නැති නිසා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම භාර ගන්න කියලා මට කියපුවහම පක්ෂයේ නායකයෝ විසි ගාණක් මැති ඇමතිවරු ආපුවහම මම පුදුමයට පත් වුණා. මම කිව්වා ඔබතුමාලා මගේ පක්ෂයේ සාමාජිකත්වය තහනම් කරලා තිබෙන්නේ. මට විනය පරීක්ෂණයක් යනවා. දැන් මේ ගැන මහින්ද රාජපක්ෂ මහත්මයා මොකද කිව්වේ. එතුමන්ලා එක හඬින් කිව්වා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පණිවුඩය අරගෙන තමයි අපි ආවේ කියලා. ඔබතුමාට තිබෙන විනය පරීක්ෂණ සියල්ල අපි අයින් කරනවා. ඔබතුමා කියන්න පක්ෂයේ සභාපතිකම භාරගන්න කැමතිද නැද්ද කියලා. මම කිව්වා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කටින් කියලා පක්ෂය දෙනවා නම් භාරගන්න ලෑස්තියි කියලා. ඒ වෙලාවේ මුණ ගැහෙන්න ආපු අය කිව්වා එහෙම නම් මහින්ද රාජපක්ෂ මහත්මයි ඔබතුමයි එකට හම්බ වෙලා මේ ගැන කතා කරන්න කියලා. මම කිව්වා මම ලෑස්තියි කතා කරන්න. මම ඇහුවා කොතෙනදිද මුණ ගැහෙන්නේ කියලා. අනතුරුව ඒ අය යෝජනා කෙරුවා චමල් රාජපක්ෂ කථානාකතුමාගේ නිල නිවසේදි මුණගැහෙමු. එතෙන්දි කතා කරමු කියලා. මම ඒකට එකඟ වුණා.
මම ජනාධිපති වුණාට මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. මා ළඟට එන්න ඕනේ නෑ කියලා. එතුමන්ලාගේ ආරාධනයට අනුව මම ඊට පහුවෙනිදා ගියා. මහින්ද රාජපක්ෂ මහත්මයයි, චමල් රාජපක්ෂ මහත්මයයි, මමයි අපි තුන්දෙනා විතරක් ඒ නිල නිවාසේ කාමරයක වාඩි වුණා. අනෙක් මන්ත්‍රීවරු විසි ගාණක් එළියේ කාමර වල හිටියා. මහින්ද රාජපක්ෂ මහත්මයා මගෙන් ඇහුවා පක්ෂේ භාර ගන්න කැමතිද කියලා. මම කිව්වා ඔබතුමා භාර දෙනවා නම් මම කැමතියි කියලා. ආ එහෙනම නම් භාර ගන්න කිව්වා. මම කිව්වා මගේ සාමාජිකත්වයත් තහනම් කරලානේ තිබන්නේ. නෑ අපි හෙට රැස් වෙලා සාමාජිකත්වයේ තහනම අයින් කරලා විනය පරික්ෂණ අයින් කරලා සභාපති විදියට පත් කර ගන්නවා කියලා. ඇවිල්ලා භාර ගන්න කියලා. ඉතින් මම ඊටපස්සේ ගෙදර ගියා. පහුවදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් වුණා. මගේ විනය පරීක්ෂණ අයින් කරලා යෝජනාවක් සම්මත කෙරුවා. මම හිටියේ ගෙදර. ජනාධිපති පුටුවේ වාඩිවෙලා දවස් හතරයි පහයි. මට ටෙලිෆෝන් කෝල් එකක් දුන්නා මධ්‍යයම කාරක සභාව ඔබතුමාව පක්ෂයේ සභාපති විදියට අපි පත් කර ගත්තා ඇවිල්ලා පක්ෂයේ සභාපතිකම භාර ගන්න කියලා. මම ඉතින් ගිහිල්ලා පක්ෂයේ සභපතිකම භාර ගත්තා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම බලෙන් ගන්න පුළුවන් එකක්ද? මේක තර්ජනය කරලා ගන්න පුළුවන් එකක්ද? මම ඊට පස්සේ සමස්ත ලංකා කාරක සභාව කැඳෙව්වා. පක්ෂේ අලුත් වැඩපිිළිවෙළක් හැදුවා. පක්ෂයේ ප්‍රති සංවිධානය කරන කොමිටි ගණනාවක් පත් කෙරුවා. මම ලංකාවේ හැම දිස්ත්‍රික්කයකම ගියා. පසුගිය පෙබරවාරි, මාර්තු අප්‍රේල් මාසවල. මම ගාල්ලටත් ආවා. මේ මැති ඇමතිවරු, ප්‍රාදේශීය සභා සභාපතිවරු සියල්ල ඒකරාශිවෙලා එතන ශාලාවේ විශාල රැස්වීමක් තිබුණා. මම හැම රැස්වීමකටම ගිහිල්ලා දිස්ත්‍රිසභාක්කවල ප්‍රාදේශීය නායකයෝ හමුවෙලා පක්ෂය පර ප්‍රතිසංවිධානය කරගෙන ඉදිරියට යමු කියලා මම ඒ සියලුදෙනාටම කිව්වා. නමුත් තමුනාන්සේලාම තීන්දු කරන්න ඒ ගමනට බාධාවන් ඇති වෙන්නේ මොන විදියට ද කියලා. මේ පක්ෂය මීට කලින් හිටපු හැම නායකයෙකුටම පක්ෂය භාර දුන්නහම ඒ භාරදුන්න නායකයට පක්ෂයේ කටයුතු කරදරයක් නැතිව කරගෙන යන්න හැමකෙනෙක්ම සහයෝගය දුන්නා. අද මට කරන කරදර කළින් කිව්වා නම් මට මේක භාර නොගෙන ඉන්න තිබුණා.
බොහොම කැමැත්තෙන් සියලුදෙනාම කෑගහලා අතඋස්සලා භාර දුන්නහම මම හිතුවා මීට පෙර නායකයින්ට වගේ මට කරදරයක් නැතිව මේක කරගෙන යන්න පුළුවන් වෙයි කියලා. නමුත් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා විදියට මම කරදරවලට මුහුණ දෙන්න ලෑස්තියි. රටකට හොඳ ආණ්ඩුවක් තියෙන්න ඕනේ. හොඳ ආණ්ඩුවක් කරන්න හොඳ පක්ෂයක් තිබෙන්න ඕනේ. පක්ෂයක දේශපාලන ගුණාත්මකභාවයක් තියෙන්න ඕනේ. පක්ෂය පිරිසිදු පක්ෂයක් වෙන්න ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ වැඩ කරන අය තේරුම් ගන්න ඕනේ අද ඇයි ඡන්දේ දකින් මේ පක්ෂය පැරදුනේ කියලා. ඒ පරාජයට කාරණා සෙවිය යුතුයි. මම පුද්ගලයා විදියට නෙවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇවුරුදු 48 ක් එක දිගට අඛණ්ඩව වැඩ කරපු පක්ෂයේ ලේකම්වරයා විදියට අවුරුදු 13 ක් එක දිගට වැඩ කරපු මම පක්ෂයෙන් එළියට ගිහිල්ලා අලුත් ආණ්ඩුවක් හදන්න මුල් වුණු කාරණා මොනවද? මෙතන තියෙන්නේ පුද්ගල සාධක නෙවෙයි. මෙතන තියෙන්නේ පුද්ගල ප්‍රශ්න නොවෙයි. රටක ආණ්ඩුවක් ජනතාවගේ සර්ව ජන්දයෙන් ජනතාව විශිෂ්ට ජයග්ණරහණයක් දීලා තෝරා පත් කර ගන්නවා නම් ඒ ජනතාව තේරුම් ගෙන තිබෙන ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඒ ප්‍රශ්නවලට විසඳුම් සඳහා තමයි ජනතාව ආණ්ඩු වෙනස් කරන්නේ සහ ආණ්ඩු හදන්නේ. ඒකයි ඇත්ත තත්ත්වය. ඒකයි යථාර්ථය. ඒකයි සැබෑ තත්ත්වය. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල කුමක්ද? පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය අගෝස්තු මාසේ 17 වෙනිදා මේ රටේ ජනතාව සියයකට පනහකට වැඩි බලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දුන්නද? මේ රටේ ජනතාව සියයකට පනහට වැඩි බලයක් එක්සත් ජාතික පක්ෂයට දුන්නද? නැහැ. එක්සත් ජාතික පක්ෂයට 106 යි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයට 95 යි. ආණ්ඩුවක් හදන්න 113 අඩු වශයෙන් ගන්න ඕනේ. රටේ ජනතාව මේ පක්ෂ දෙකටම 113 ක් දුන්නේ නැහැ. ඇයි ඒ. අපි ඒක හොයලා බැලූවද?
2015 ජනවාරි 08 වෙනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය ඇයි පැරදුනේ. ඒ සඳහා හේතු වූ කරුණු මොනවද? 2015 අගොස්තු 17 වෙනිදා එක්සත් ජාතික පක්ෂයට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තනියම ආණ්ඩුවක් හදන්න ආසන 113 ක් මේ රටේ ජනතාව දුන්නේ නැත්තේ ඇයි. කාරණාව හොයලා බැලූවද? හොයලා බලපු කෙනෙක් නැහැ. අපි මතුපිට තිබෙන ප්‍රශ්න විතරක් සාකච්ජා කළා. රටේ පොදු ජනතාව එක්සත් ජාතික පක්ෂයටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් අගොස්තු 17 වෙනිදා 113 කට වැඩිය තනි බලයක් දුන්නේ නැත්තේ මේ පක්ෂ දෙකේම කටයුතු පිළිබඳව ජනතාවගේ හිත්වල යම් කිසි ප්‍රශ්නයක් තිබෙන නිසා. එහෙම නම් මේ පක්ෂ දෙකම මේ පාඩම ඉගෙන ගන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂය සහ එහි නායකයින් ඒ පාඩම ඉගෙන ගෙන ඒ තත්ත්වය තේරුම් ගැනීම ඒ අයට අයිති වැඩක්.
ඒකට හේතු රාශියක් තියෙනවා. මම පසුගිය දවස්වල කරුණු කීපයක් කියපුවහම මම දැක්කා වෙබ් සයිට්වලින් ගහලා තියෙනවා. අපි ආණ්ඩු කරන කොට අපි අතින් වුණු වැරදි අඩුපාඩු අපි තේරුම් ගත්තද? ආණ්ඩු කරන විට අපිට වැරදුණු තැන් අපි මෙනෙහි කෙරුවද? 2015 ජනාවරි 8 ට කලින් ආණ්ඩුව විදියට අපි අතින් වුණු වැරදි මොනවද කියලා අපි තේරුම් අර ගත්තද? ඒ ගැන අපි කතා කළාද? ඒ ගැන අපි දේශපාලන සංගායණාවක් කළාද නැහැ. 2015 ජනවාරි 08 වෙනිදා ජනතාව මාව ඡන්දයෙන් තෝරා පත් කර ගන්නත් ඒ ජයගහ්‍රණයටත් මහින්ද රාජපක්ෂ මහත්මයාව ඒ මැතිවරණයෙන් පරාජය වීමටත් හේතු වුණු කරුණු ගණනාවක් තියෙනවා. ඒවාට වගකිව යුතු පිරිස් රාශියක් ඉන්නවා.
2012, 2013 වගේ කාලේ ගත්තහම පුස්තකාලෙට ගිහින් පරණ පත්තර අරන් බලන්න. මොනවද ඒවායේ තියෙන්න කියලා. පළාත් පාලන ආයතන ප්‍රධානීන් කළ යම් යම් දූෂණ ක්‍රියා ගැන මුළු රටම කියන්න ගත්තා. ආණ්ඩුවට කිව්වා පක්ෂෙට කිව්වා. මේ මිනිස්සුන්ට දඬුවම් දීපල්ලා. මේ මිනිස්සු බලයෙන් පහ කරපල්ලා. මේ මිනිස්සු ඉවත් කරපල්ලා. මේවට හොඳ සුදුසු මිනිස්සු පත් කරපල්ලා. තංගල්ලේ අර විදේශීය කාන්තාව දූෂණය කරලා ඇගේ ස්වාමියාව මරලා දාන කොට සන්ධානේ ලේකම් විදියට සුසිල් ප්‍රේමජයන්තයි පක්ෂේ ලේකම් විදියට මමයි අපි දෙන්නාගේ අත්සනින් සභාපති ධූරයෙන් ඒ සභාපතිව අස් කෙරුවා. නමුත් අපි දෙන්නව පහුවදා කැඳවලා අපිට කිව්වා වහාම අස් කරපු සභාපතිට ආපහු ලියුමක් යවන්න පත් කෙරුවයි කියලා. අස් කරපු ලියුම අයින් කරලා ඔබව නැවත පත්කෙරුවයි කියලා සුසිල් ප්‍රේමජයන්ත් ආපහු ලියුමක් ඇරියා.
තමුන්නාන්සේලාට මතක ඇති තවත් සභාපතිවරයෙක් සිය වෙනි කාන්තාව දූෂණය කරා කියලා සමරුවක් පැවැත්තුවා. පාටියක් දැම්මා. ඒ අයට විරුද්ධව තීන්දුවක් ගත්තද? විනය පරීක්ෂණයක් කෙරුවද? කළුතර දිස්ත්‍ක්කයේ ප්‍රාදේශීය සභා සභාපතිවරයෙක්, ගාල්ල දිස්ත්‍රික්කයේ තමන්ගේම සභාපතිවරයාගෙන් අල්ලස් ගත්තා. මෙතන ඉන්නවා දුන්නු එක්කෙනා. සල්ලි ගත්ත සභාපතිවරයා කොටු කරන්න ඇතුළට යන විට වළල්ලාවිට සභාපතිවරයා ගත්තු සල්ලි මිටිය ගනිනවා. එතකොට තමයි අල්ලස් නිලධාරීන් ගිහින් අල්ල ගත්තේ. අස් කෙරුවද? මම දන්නවා තමුන්නාන්සේලාගේ දිස්ත්‍රික්කයෙත් සිදුවීම් ගණනාවක් තිබුණා. මම ඒවා කියන්න කාලය ගන්නේ නැහැ. මම ඒවා ලැයිස්තුවක් කියන්නම්. මේවත් එක්ක තමයි පක්ෂය දුර්වල වුණේ. මේවත් එක්ක තමයි ආණ්ඩුව පිළිබඳව ජනමතය නැතිව ගියේ. මම ඔය කිව්වේ පුංචි තැනින්. එතනින් දිගට උඩට කියන්න මට කාලයක් නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවක් ගන්න කලින් හොඳ පක්ෂයක් හදන්න ඕනෑ.
ලෝකයේ රටවල්වල දේශපාලන පක්ෂ ගොඩනැගෙන්නෙත් කාල් මාර්ක්ස්ලා, ලෙනිල්ලා එංගල්ස්ලා, මා ඕ සේතුන්ලා, ඒබ්‍රහම් ලින්කන්ලා, මහත්මා ගාන්ධිලා, නේරුලා ඒ සියලු දෙනාම දේශපාලන පක්ෂ ගොඩනඟලා ඒ පක්ෂ මොනතරම් පිරිසිදුව ගෙනිච්චද කියන එක තමුන්නාන්සේලා පොත පතින් කියවලා තියෙනවා. හොඳ රටක් හදන්න හොඳ දේශපාලන පක්ෂයක් ඕනේ. හෙට අනිද්දා ආණ්ඩු හදන්න කතා කරන එක නෙවෙයි තියෙන්නේ. හොඳ පක්ෂයක් බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදලා ඉන්න ඕනේ හොඳ ආණ්ඩුවක් හදන්න. ඒක තමයි ඇත්ත තත්ත්වය. ආණ්ඩු හදන්න කලබල වෙන්න ඕනෙ නැහැ. කලබල වෙලා ආණ්ඩු හදලා ආපහු තිබුණු තැනටම වැටෙන්න ඕනේ නැහැ.
දැන් 2015 ජනවාරි මාසේ 08 වෙනිදට ඉස්සර වෙලා මේ සභාවේ ඉන්න මේ මැති ඇමතිවරු පළාත් සභා මන්ත්‍රීවරු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු, සභාපතිවරු මේ අයට ටෙලිෆෝන් කෝල් එකක් අරගෙන ආණ්ඩුවේ වැරදි එහෙම කතා කෙරුවොත් මේ අය මෙකද කියන්නේ. මේ අය මරහඬ දීලා කෑ ගහනවා. කතා කරන්න එපා කතා කරන්න එපා. ටැප් කරනවා. ටැප් කරනවා. මතක නැද්ද. පොලීසියේ නිලධාරියෙක් තවත් පොලිස් නිලධාරියෙකුට කතා කරන්නේ නෑ. ටෙලිෆෝන් ටැප් කරනවා. මැති ඇමතිවරුන්ට ටෙලිෆෝන් එකෙන් කතා කරන්න බැහැ ටැප් කරනවා. රජයේ නිලධාරීන් තවත් කෙනෙක් එක්ක කතා කරන්නේ නැහැ. ටෙලිෆෝන් එක ටැප් කරනවා. එහෙම සමාජයක් තිබුණේ.
අද සමහර අය මාධ්‍යයට නිදහස පිළිබඳ අපිට යම් යම් චෝදනා කරන්න පටන් අරන් තිබෙනවා. පත්තර කතෘවරු වෙඩි කාලා මැරුණා. ලංකාවේ ප්‍ර ධාන රූපවාහිනී ආයතන ගිනි ගත්තා. මේවත් එක්ක තමයි ඒ ආණ්ඩු විරෝධය ගොඩනැගුනේ. මම ඒකයි කිව්වේ ජනතාවගේ සිත් ගන්න. වැලි වලින්, ගඩොලින් යකඩෙන් සහ සිමෙන්තියෙන් කළ හැකි දේවල් තියෙනවා. කළ නොහැකි දේවල් තියෙනවා. ජනතාවගේ හෘද සාක්ෂියට අනුව ජනතාවගේ ප්‍රශ්න තේරුම් ගැනීම අවශ්‍යය යි. ඒ නිසා කරන්නේ එක්සත් ජාතික පක්ෂයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි අද එකට එකතු වෙලා ආණ්ඩු කරන්නේ ප්‍රධාන වශයෙන් තිබෙන මේ ජාතික ප්‍රශ්නය විසඳිමටයි. නැවත මේ රටේ ආයුධ ගැනීම වළක්වලා රට කඩන ඊළම්වාදී චින්තනය පරාජය කරලා මේ රට සියලුදෙනාට සාමකාමීව ස්ථිරව ජීවත් විය හැකි රටක් විදියට මේ රට ගොඩනගන්න හදන්නේ. ඒ සඳහා අපි අනෙක් පැත්තෙන් රටේ සංවර්ධනය දේශීය ආර්ථිකය ශක්තිමත් කරමින් අපේ දේවල් අගය කරමින් අපේ කම් අපේ උරුමකම් අගය කරමින් අපේ සංස්කෘතිය අපේ දේශීයත්වය අපේ සිරිත් විරිත් ගොඩනගාගෙන අපි ඉදිරියට යා යුතු වෙනවා.
අම්බලන්ගොඩ මැතිවරණ කොට්ඨාශයේ වමේ දේශපාලනය ඉතා ප්‍රබලයි. මාතර, ගාල්ල, කළුතර, රත්නපුර, කෑගල්ල සමසමාජ පක්ෂයේ කොමියුනිස්ට් සහ පක්ෂයේ උපත. ඒ පන්නරයෙන් තමයි මේ පර්න දේශවල ජනතාව වාම ප්‍රගතිශීලී දේශපාලනයට ආවේ. තමුන්නාන්සේලාගේ ගෞරවනීය පරම්පරාවවල මගපෙන්වීම සහ ඉගැන්වීමත් එක්ක. 56 බණ්ඩාරනායක මැතිතුමා ආරම්භ කරපු සමාජ පරිවර්තනයට මැතිණියගේ වැඩපිළිවෙලට ඒ විදියට තමයි තමුන්නාන්සේලා එක් වුණේ. ඒ නිසා අපි හොඳ රටක් හදමු. හොඳ රටක් හදන්න හොඳ පක්ෂයක් හදමු. හොඳ පක්ෂයක් හැදීම පහසු කාර්යයක් නොවෙයි. ඒ අපහසු කාර්යය අපි කළ යුතුයි. ඒ අභියෝගය අපි ජය ගත යුතුයි.
ඒ නිසා අද මේ ඓතිහාසික අම්බලන්ගොඩ ආසනයේ පක්ෂ සම්මේලනය හොඳ ආණ්ඩුවක් අනාගතයේ හැදීම සඳහා හොඳ පක්ෂයක් මුලින් හැදීමට තමුන්නාන්සේලා සියලුදෙනාම අධිෂ්ඨාන කරගෙන මුළු රටක් වශයෙන් ඒ වගකීම භාර අරගෙන අපි අපේ දේශපාලන වගකීම රට සහ රටේ ජනතාව වෙනුවෙන් ඉටුකරමුයි කියලා ගෞරවයෙන් ඔබට ආයාචනය කරනවා.
ඔබ සෑම කෙනෙක්ම වමේ ප්‍රගතිශීලී දේශපාලනයේදි ඉතාම පරිණතයි. අම්බලන්ගොඩ මේ දකුණේ ජනතාව. ගාල්ල ජනතාව. ඔබ ඉතාමත්ම බුද්ධිමත්. ඔබ ඉතාමත්ම අත්දැකීම් සහිතයි. ඔබේ බුද්ධිය, පරිණතභාවය සහ අත්දැකීම් සමග අපි ගෙනියන ජාතික දේශපාලන වැඩපිළිවෙළ පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක්. තමුන්නාන්සේලාගේ මහඇමතිතුමා දක්ෂිණ ලංකාවේ බොහොම දක්ෂ ඇමතිවරයෙක්. දක්ෂිණ ලංකාවේ තුන්වෙනි වරටත් මහ ඇමති වෙන්න වාසනාවන්ත පින්වන්ත මිනිහෙක් තමුන්නාන්සේලාගේ ශාන් විජයලාල් සිල්වා මහ ඇමතිතුමා. ඒ නිසා එතුමා වගේ මේ වේදිකාවේ ඉන්න අනික් සියලු මැති ඇමතිවරු, ප්‍රාදේශීය නායකයින් ඔබේ බුද්ධිය සහ අත්දැකීම් සමඟ රට වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන් අද ජීවත් වන තමුන්නාන්සේලාගේ වගේම හෙට උපදින දරුවන් වෙනුවෙන් හොඳ රටක් හදන්න හොඳ ආණ්ඩුවක් හදන්න හොඳ පක්ෂයක් විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනඟන්න අපි ඒකරාශී වෙලා ඉදිරියට යමුයි කියන ගෞරවණීය ඉල්ලීම කරමින් අපි මැයි පළවෙනිදා තමුන්නාන්සේලාගේ දිස්ත්‍රික්කයට එනවා. අපි මුළු රටම එනවා. ඇවිල්ලා අපි ඓතිහාසික මැයි රැළියක් නිදහස් මැයි රැළියක් පවත්වමු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික මැයි දිනයේ මැයි රැළියක් දකුණේ කවදාවත් පවත්වලා නැහැ. පළවෙනි වතාවට තමයි දකුණට ආවේ. ගාල්ලට ආවේ. ඒ නිසා ඒ ඓතිහාසික මැයි රැළිය සාර්ථක කර ගන්න තමුන්නාන්සේලාගේ සහයෝගය දෙන්න කියන ගෞරවණීය ඉල්ලීම කරමින් තමුන්නාන්සේලා සියලු දෙනාටම ජයවේවා"