මේ අනුව හඳුනාගත් ස්ථානවලින් බහුතරයක් නිවෙස් හා ගොඩනැගිලි පිටුපස කුඩා පස් කඩාවැටීම්, පසේ බෑවුම් නිර්මාණය වීම් හා අධික ලෙස පස සෝදා යෑම් වැනි නායයෑම් ආපදාවක් සිදු වීමේ අවම අනුපාතයක් ඇති ස්ථාන බවට පර්යේෂණවලින් තහවුරු වූ බව ඒ මහතා ප්‍රකාශ කළේය. ඔහු තවදුරටත් පැවසුවේ කිසිදු අවධානමක් නොමැති ස්ථාන ද ඒ අතර තිබූ බවයි.
මෙම ස්ථාන බොහෝ ප්‍රමාණයක් නුවර එළිය, නුවර, බදුල්ල, මාතලේ, බණ්ඩාරවෙල හා කළුතර යන දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබූ අතර මෑත කාල සීමාව තුළ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 38ක් සහ මාතර දිස්ත්‍රික්කයේ ස්ථාන 20කට අධික ප්‍රමාණයක් නායයෑම් අවධානම් ස්ථාන ලෙස වාර්තා වී තිබෙන බව බණ්ඩාර මහතා කියා සිටියේය. මෙම ස්ථාන බොහෝ ප්‍රමාණයක් පසුගිය කාල සීමාවේ දී නායයෑම් හා පාංශු ඛාදනයන් හි ප්‍රවණතාව පිළිබඳව අධ්‍යයනය කරමින් හඳුනාගත් ස්ථාන වේ.
මෙම හඳුනාගත් ස්ථානවල සිදු කළ පර්යේෂණ වාර්තා අදාළ ආයතන වෙත ද බාර දුන් බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
SDF