අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතා බලාපොරොත්තු ඉටුවන අභිමානවත් අටවැනි පාර්ලිමේන්තුව ඇරඹේ

    සැප්තැම්බර් 02, 2015

    pali 7ශ්‍රී ලාංකීය දේශපාලනයේ ඓතිහාසික සටහනක් තබමින් අටවැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිය ඊයේ (01) ගාම්භීර ලෙස ආරම්භ විය.

    නව දේශපාලන සංස්කෘතියක් උදෙසා සියලු පසුබිම රටතුළ ගොඩනගෙන මොහොතක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ද වෙනස්කම් රැසක් සිදු වෙමින් දේශපාලන භූමිකාවට නව ආලෝකයක් එකතු කරන්නට සූදානම් වෙයි.


    පසුගිය මහමැතිවරණයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ජනතාවගේ බහුතර කැමැත්ත ප්‍රකාශ වූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටය.

    සම්මුතිවාදී දේශපාලන සංස්කෘතියක් සඳහා යන ගමනට ජනතාව සිය සහයෝගය ලබාදී තිබුණි. යහපාලන දේශපාලන මූලධර්ම රට තුළ ස්ථාපනය කරමින් නිදහස් චින්තනයෙන් සිතන්නට පුළුවන් ජනතා කඳවුරක් වෙනුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ දේශපාලන දැක්ම මෙහිදී සඳහන් කළ යුතුය.

     

    සාධාරණ වූ යුක්තිගරුක වූ නායකත්වයක් උදෙසා ජනතාව ලබාදුන් ජනවරම, නැවත වරක් තහවුරු කරමින් ජනාධිපතිතුමාගේ රට ගොඩනැගීමේ අරමුණ ශක්තිමත් කිරීමට ජනතා සහයෝගය ලැබී තිබේ.


    සුබවාදී ආකල්ප පෙළගැසෙමින්, සංහිදියාව වෙත රට ගමන් කරන මොහොතක අටවැනි පාර්ලිමේන්තුවට රටේ ඉදිරි අභිවෘද්ධිය වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදු කිරීමේ වගකීම පැවරී තිබේ.


    parlia 2ජනතාවගේ නියෝජිතයන් ඊයේ (01) මංගල සැසියට සහභාගී වූයේ, උදාරවත් ලීලාවෙනි. ජනතා සිතුම් පැතුම් ඉටු කිරීමේ බාරදූර වගකීම සියලු ජනතා නියෝජිතයන්ගේ කරමත පැවරී ඇත.


    නව පාර්ලිමේන්තුවේ කටයුතු නිලවශයෙන් ආරම්භ වීමට ප්‍රථම සභාගැබට පැමිණ සිටි පක්ෂ විපක්ෂ ම

    pali 10

    න්ත්‍රීවරු එකිනෙකාට සුබපතා ගනිමින් ඉතාමත් මිත්‍රශීලීව ආඳහස් පළ කරගන්නා අයුරු දැකගන්නට ලැබිණි.


    සිව්වරක් අග්‍රාමාත්‍යධූරයට පත්ව ලෝක වාර්තාවක් තබා තිබෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට සම්ප්‍රාප්ත වීම ඓතිහාසික අවස්ථාවක් විය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සහභාගී වීම කාගෙත් අවධානයට ලක් විය.


    පසුගියවර පාර්ලිමේන්තුව නියෝජනය කළ ඇතැම් ජනතා නියෝජිතයන් කිහිපදෙනෙකු මෙවර පාර්ලිමේන්තුවේ දක්නට නොලැබුණු අතර, පාර්ලිමේන්තුවට තේරී පත් වූ නවක ජනතා නියෝජිතයන් ආසනවල අසුන් ගෙන සිටින අයුරු දැකගත හැකි විය.

     

    පාර්ලිමේන්තුවේ අසුන් පැනවීම අවසන් වී නොතිබූ හෙයින් තමන්ට රිසි ලෙස අසුන් ගන්නා ලෙස දන්වා තිබූ අතර පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු තමන්ට රිසි ආසනවල, අසුන්ගෙන සිටියේ ය.palit 44

     

    උදැසන 9.30ට පාර්ලිමේන්තු සැසිවාරය නිලවශයෙන් ආරම්භ විය. පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා විසින් මූලික මඟපෙන්වීම කරමින් පාර්ලිමේන්තුවේ ඉදිරිකටයුතු ආරම්භ කළේ ය.


    ඉන් අනතුරුව අටවැනි පාර්ලිමේන්තුවේ, 18 වැනි කතානායකවරයා පත් කිරීමේ අවස්ථාව එළඹුණි. ඒ පිළිබඳව නිවේදනය පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් නිවේදනය කරනු ලැබීය.

    ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කතානායකධූරයට කරූ ජයසූරිය මහතා යෝජනා කළේ ය. එම යෝජනාව හිටපු විපක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ස්ථීර කළේ ය.

     

    කරූ ජයසූරිය , ශ්‍රී ලංකා දේශපාලනයේ, මහත්මා දේශපාලනයක යෙදුණු දේශපාලඥයකු බවයි විචාරක මතය වන්නේ. අටවනි පාර්ලිමේන්තුවේ කතානායකධූරයට නිතරඟයෙන් ම කරූ ජයසූරිය මහතා පත් විය.

     

    karu jayasuu

    ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට තේරි පත් වූ ජනතා නියෝජිතයින් නිලවශයෙන් පාර්ලිමේන්තුවේ දිවුරුම් දීම සිදු කළේ ය.

    නියෝජ්‍ය කතානායකධූරය සහ නියෝජ්‍ය කාරකසභා සභාපතිධූරයට තෝරාපත් කරගැනීමේ අවස්ථාව ඉන් අනතුරුව උදා විය.

    හිටපු විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගේ නම යෝජනා කළේ ය.එම යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් මහතා විසින් ස්ථිර කළේ ය.


    ඒ අනුව නිසිපරිදි තිලංග සුමතිපාල මහතා නියෝජ්‍ය කතානායක ලෙස තේරී පත් වූ බව කතානායකවරයා විසින් නිවේදනය කළ අතර කතානායකවරයා නියෝජ්‍ය කතානායකවරයාට සුබපතීමක් ද සිදු කළේ ය.thilanga

    ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ කාරකසභාපතිවරයා තෝරාපත් කිරීමේ අවස්ථව උදා වූ අතර එම තනතුරට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.අඩෙක්කලනාදන් මහතා තේරී පත් විය.


    අටවැනි පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත් වූ අතර පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල මහතා තේරී පත් විය.

    ඉන් අනතුරුව නව කතානායකවරයාට සුබපැතුම් එක්කරමින් පක්ෂ නායකයන් විසින් අඳහස් දැක්වීම ආරම්භ කළේ ය.

     

    එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අභිනව කතානායකවරයාට සිය සුභාශිංසන පිරිනැමීය. එහිදී රටේ ඉදිරි දේශපාලන දැක්ම හා ඉදිරි අරමුණු පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සිය අඳහස් ප්‍රකාශ කළේ ය.ඉදිරියේ දී පාර්ලිමේන්තුව තුළ ප්‍රතිසංස්කරණ රැසක් සිදු කිරීමට තිබෙන
    බව ද පැවසී ය.

     

    ඉන් අනතුරුව අනෙකුත් පක්ෂ නායකයන් විසින් සිය සුබපැතුම් කතානායකවරයා වෙත පිරිනැමීය.

    ජනාධිපතිතුමාගෙන් ලත් සංදේශ කතානායකවරයා විසින් සභාවට දැනුම් දුන් අතර පසුව කතානායකවරයා විසින් සිය අභිනව තනතුරේ ප්‍රථම අඳහස් දක්වීම සිදු කළේ ය.

     

    එහිදී කතානායක කරූ ජයසූරිය මහතා විසින් සිය නම යෝජනා කිරීම සම්බන්ධයෙන් සියලු දෙනාටම ස්තූතිය පුද කළේ ය. තම තනතුරේ භාරදූර වගකීම උපරිම ශක්ති ප්‍රමාණයෙන් අවංකව සිදු කරන බවත් ආදර්ශවත් පාර්ලිමේන්තුවක් ගොඩනගන බවත් පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය තවදුරටත් ශක්තිමත් කරන බවත් ප්‍රකාශ කළේ ය.

     

    කතානායකවරයා විසින් පාර්ලිමේන්තුව සවස 3.00 තෙක් තාවකාලිකව කල්තබනු ලැබීය. අටවැනි පාර්ලිමේන්තුවේ ඓතිහාසික අවස්ථාව උදාවීමට තිබුණි. සවස 3.00ට නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය, ප්‍රකාශයට පත් කිරීමේ රාජාසන කතාව යෙදී තිබුණු අතර එම ගෞරවනීය අවස්ථාවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සම්ප්‍රාප්තවීමට නියමිතව තිබුණි.


    ජනාධිපතිතුමා සවස පාර්ලිමේන්තුවට සම්ප්‍රාප්තවීමේ අවස්ථාව ඉතාමත් චාම් මෙන් ම ගාම්භීරත්වයෙන් ඇරඹීමට සියලු කටයුතු පාර්ලිමේන්තුවේ සම්පාදනය කර තිබුණි.අතිගරු ජනාධිපතිතුමා වෙනුවෙන් ත්‍රිවිධ හමුදා ආචාරය සූදානම් කර තිබුණි.

     

    pali 8අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට සම්ප්‍රාප්ත වූ අතර කතානායක කරූ ජයසූරිය මහතා සහ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා විසින් අග්‍රාමාත්‍යතුමා ගෞරවයෙන් පිළිගනු ලැබීය.

     

    අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවට සම්ප්‍රාප්ත වීම ඉන් පසුව සිදු වූ අතර කතානායක කරූ ජයසූරිය මහතා සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා විසින් ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නා ලදී. ඉන් නතුරුව ත්‍රිවිධ හමුදා උත්තමාචාරය
    පිරිනැමීම සිදු කළේ ය.

     

     

    ඉන් පසුව ජනාධිපතිතුමා පෙරටු කරගනිමින් පාර්ලිමේන්තු සභාව වෙත කැඳවගෙන එනු ලබීය. ජයමංගල ගාථා ආශිර්වාදයෙන් පසුව ජනාධිපතිතුමන් පාර්ලිමේන්තු සභාගර්භයට සම්ප්‍රාප්තවීමේ ඓතිහාසික අවස්ථාව සිදු විය.pali 9


    ඉන් අනතුරුව ජනාධිපතිවරයා කතනායකවරයාගේ අසුනේ අසුන් ගනිමින් ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේ ය.

     

    ''අප එක බැඳගත් නව සංස්කෘතික හර පද්ධතිය එකට බැඳ තබමින් උදාවන නව යුගයේ නව පරම්පරාවේ අභිලාශයන් වෙනුවෙන් රට ගොඩනැගීමේ අභියෝගය අප සියලු දෙනා හමුවේ තිබෙනවා.ජාතික ආණ්ඩු පදනමින් රටේ ප්‍රධාන පක්ෂ දෙක අතර ගොඩනැගෙන සම්මුතිවාදී සන්ධානයේ ප්‍රධාන කාර්ය වන්නේ සියලු ජනකොටස් අතර සම්මුතිවාදී ආණ්ඩුව ජාතීන් අතර සංහිඳියාවත් සමාජ ආර්ථික සංවර්ධනයක් එක්වර සාක්ෂාත් කර ගැනීම හා 2020 ඇති වන නව ලෝකයට උසස් මානය සංවර්ධනයක් සඳහා මේ රට ගෙන යාම බව'' ජනාධිපතිතුමන් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් පැවසී ය.

     

     

     

    pali 4නව දේශපාලන සංස්කෘතියක් බිහිකරමින් රට සාර්ථකත්වයට ගෙන යාමේ සැබෑ අවශ්‍යතාව ජනාධිපතිතුමා විසින් රට හමුවේ තැබූ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ගම්‍ය වෙයි.pali 5 ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂ කිරීම, ජාතික ආරක්ෂාව, සමානාත්මතාව, ආගමික ජාතික අයිතිය සැමට එකලෙස පැවතීම,නිදහස් සෞඛ්‍ය සහ අධ්‍යපනය සුරැකීම, රාජ්‍ය අංශය ශක්තිමත් කිරීම ශ්‍රම බලකාය සවිමත් කිරීම,නාගරික මෙන් ම ග්‍රාමීය සංවර්ධනය, ජාත්‍යන්තර සහයෝගීතාව හරහා ගෝලීය දැනුමක් කරා දූ දරුවන් ගෙන යාම ආදී අරමුණු රැසක් ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ජනතාව හමුවේ තිළිණ කළේ ය.

     

    අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙනනතුරුව සභාවේ කටයුතු අවසන් කෙරුණු අතර ජනාධිපති තුමා සභාවෙන් පිටතට පමිණි අවස්ථාවේ දී ඉතාමත් ගාම්භාර සමුදීමක් සූදානම් කර තිබූ අතර, ත්‍රිවිධ හමුදා උත්තමාචාරය මැද ජනාධිපතිතුමන් පාර්ලිමේන්තු පරිශ්‍රයෙන් නික්ම ගියේ ය.

     

     

    වාර්තා කළේ- ප්‍රභාත් රත්නායක

    ඡායා රූප- සුදත් සිල්වා
                 යමුනී රශ්මිකා පෙරේරා

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya