අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉතා හොඳ සාකච්ඡාවක් කළා - බ්‍රිතාන්‍ය අගමැති කියයි

    මාර්තු 11, 2015

    ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හා ඉතාමත්ම හොඳ සාකච්ඡාවක් පැවති බවත් ජනාධිපතිවරයාගේ ප්‍රතිසංස්කරණ ඇතිකිරීමේ, දූෂණ තුරන් කිරීමේ සහ ශ්‍රී ලංකා වාසීන් ඒකරාශී කිරීමේ උත්සාහයට පුළුල් ලෙස සහය දක්වන බවත් බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් පවසා තිබේ.

     

    ශ්‍රී ලංකාවේ ඉපැරණි සහ ශක්තිමත් මිතුරකු වශයෙන් බ්‍රිතාන්‍යය එම කටයුතු කර ගෙන යාම සඳහා සහයෝගය දක්වන බවද දැන් එළඹ ඇත්තේ සියලු දෙනාම එක්ව සහජීවනයෙන් යුතුව ජීවත් වීම බවත් ඒ සඳහාගන්නා සෑම ක්‍රියා මාර්ගයකට බ්‍රිතාන්‍යයේ සහාය ලැබෙන බවද හෙතෙම පැවසීය.

     


    නව රජය ලබා දී ඇති පොරොන්දු ඉටු කරනු ඇති බවට තමන්ට විශ්වාස දැයි ඇසු මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් “මට බෙහෙවින් විශ්වාසයි ප්‍රතිසංස්කරණ ඇති කිරීමට සහ සහජීවනය ඇති කොට ජාතිත් අතර සමගිය ඇති කරන ක්‍රියාවලියක් සඳහාත් ජාතික රජයක් ඇති කරන සාකච්ඡා වෙනුවෙන් නව ජනාධිපතිවරයා කැපවී සිටින බවට” යැයි කීය.

     

    උපුටා ගැනීම - ලක්බිම පුවත්පත

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya