සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ දී තරඟ විභාගයක් පවත්වා බඳවා ගැනීම් සිදු කළ යුතු බවත් එහි දී වයස් සීමාව උපරිම අවුරුදු 45 දක්වා සලකා බැලීමට හැකි බවත් අවධාරණය වී ඇත.
අදාළ විසඳුම් ක්‍රියාත්මක කරන තෙක් පාසල් සංවර්ධන නිලධාරීන් රජයේ වෙනත් කාර්යාල වෙත අනුයුක්ත කිරීම තාවකාලිකව අත්හිටුවීමට අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බවට ලේකම්වරයා පොරොන්දු වූ අතර ඉතා කඩිනමින් මෙම ගැටලුව විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කර තිබේ.