දෙසැම්බර් 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදෙස් සංචාරකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා - මහජන ආරක්ෂක අමාත්‍ය

    ඔක්තෝබර් 24, 2024

    මෙරටට පැමිණි විදෙස් සංචාරකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී අද (24) පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය.
    ‍මේ පිළිබඳව බුද්ධි අංශවලට තොරතුරු ලැබුණා. එම තොරතුරු ලැබීමත් එක්ක අපි වහාම ක්‍රියාත්මක වුණා. අදට හරියටම ආණ්ඩුව බලයට පත්වෙලා මාසයයි. මාසය තුළ ආරක්ෂක මණ්ඩලය අවස්ථා කිහිපයකදීම රැස්වුණා."

    "තොරතුරු ලැබීමත් සමග විදෙස් සංචාරකයන් වැඩිපුර ගැවසෙන ආරුගම්බේ, ඇල්ල, මාතර වැලිගම, අහුන්ගල්ල වැනි සංචාරකයින් වැඩිපුර ගැවසෙන ප්‍රදේශවලට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදුන්නා. එම පොලිස් ආරක්ෂාව මේ මාසේ මුල ඉදලම යොදවන්න කටයුතු කරලා තියෙනවා. ආරක්ෂක මණ්ඩලය තුළ මේ තොරතුරු ගැඹුරින් සාකච්ඡා කළා. බුද්ධි අංශත් පොලීසියත් මගින් පරීක්ෂණ කටයුතු ආරම්භ කළා. සැකපිට තොරතුරු මත පදනම්ව තුන්දෙනෙක් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා යනුවෙන් පැවසීය.
    මෙරටට පැමිණි සංචාරකයින් මේ සම්බන්ධයෙන් කිසිදු අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැතැයිද අමාත්‍යවරයා පැවසීය. මේ සම්බන්ධයෙන් තොරතුරු කල් ඇතිව ලැබුණද එම තොරතුරු තහවුරු කර ගැනීමට සහ ජනතාව තුළ අනවශ්‍ය භියක් ඇතිවීම වැළැක්වීම සඳහා මේ සම්බන්ධයෙන් කල් ඇතිව දැනුවත් නොකළ බවත් එතෙක් ගතයුතු සියලු ආරක්ෂක ක්‍රියාමාර්ග රජය ගෙන ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙම තත්වය උපයෝගී කරගෙන අනවශ්‍ය දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ නොකරන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.
    "අපි වගකිවයුතු රජයක් ලෙස ගතහැකි සියලු ආරක්ෂක පියවරක්ම මේ වෙනකොට අරගෙන තිබෙනවා. ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා විවිධ කටකතාවලට රැවටෙන්න එපා කියලා. තව දින කිහිපයක් තුළ මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කරනවා. එවිට විදෙස් රටවල් කිහිපයකින් ලබාදී තිබෙන අවවාදාත්ම නිවේදන ඉවත් කරගන්න පුළුවන්. ඒ අය දැනටමත් සෑහීමකට පත්වෙලා තිබෙනවා අපි ගත්ත ක්‍රියාමාර්ග පිළිබඳව. ඒ නිසා ඒ අයගේ පැත්තෙන් විශ්වාසයක් ඇතිවෙලා තිබෙනවා තමන්ගේ රටේ පුරවැසියන් සංචාර සඳහා මෙරටට එවන්න. සංචාරකයින්ගේ පැමිණීමේ නැවතීමක් සිදුවෙලා නැහැ. පැමිණිලා ඉන්න අයත් නිදහස්ව කටයුතු කරගෙන යනවා."

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya