ඔක්තෝබර් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදෙස් ගමන් බලපත්‍ර බෙදාහැරීම ලබන සඳුදා සිට

    ඔක්තෝබර් 15, 2024

    එළඹෙන සඳුදා සිට නව විදෙස් ගමන් බලපත්‍ර බෙදාහැරීම සිදුකරන බව  අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේය.

    අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය  සාකච්ඡාවේ දී මේ බව අමාත්‍යවරය පැවසුවේය.

    මේ වන විට රට තුළ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම පිලිබඳ ගැටලුවක් තිබෙන බවත්, ඒ අනුව ඇණවුම් කරන ලද නව විදෙස් ගමන් බලපත්‍ර තොගය එළැඹෙන සෙනසුරාදා දිනයේ දී මෙරටට ලැබෙන බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය.

    ඊ-පාස්පෝට් නිකුත් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණයේ වාරණ නියෝගයක් තිබෙන බැවින්  ඊට අදාළව ටෙන්ඩර් කැඳවීමක් සිදුනොකරන බවත්, උසාවි නියෝගය අවසන් වීමෙන් පසුව ඒ පිළිබඳ අවධානය යොමුකරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    මේ වනවිට ඇනවුම් කර ඇති විදෙස් ගමන් බලපත්‍ර 750,000 ඉදිරියේ දී අවසන් වීමත් සමග නැවතත් පාස්පෝට් අර්බුදයක් ඇති වීමට ඉඩ ඇති බැවින් සාමාන්‍ය පාස්පෝට් ලබාදීමට අවශ්‍ය නව ප්‍රසම්පාදන ක්‍රියාවලියකට ගොස් ටෙන්ඩර් පටිපාටියක් අනුව තවත් පාස්පෝට් ප්‍රමාණයක් ගෙන්වීමට පසුගිය 11 වන දා පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කළ බව ද අමාත්‍ය විජිත හේරත් මහතා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya