ඔක්තෝබර් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් සහ බස්රථ ගාස්තු අඩු කිරීමට රජයේ අවධානය

    ඔක්තෝබර් 15, 2024

    පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් සහ බස්රථ  ගාස්තු  අඩු කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කර ඇති බවත්,  ඉදිරි සති දෙක තුළ වාර්තාවක් කැඳවා මේ සම්බන්ධයෙන් තීරණය කරන බවත් අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා  පැවසීය.

    අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය  සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ බව පැවසීය.

     

    වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, ආණ්ඩුව ඉන්ධන මිල අඩු කළද පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් සහ බස් රථවල ගාස්තු අඩු කර නොමැති බවයි. ඒ අනුව ඉදිරි සති දෙක ඇතුළත වාර්තාවක් කැඳවා මේ සම්බන්ධයෙන් තීරණය කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya