ඔක්තෝබර් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ රස පරීක්ෂක ධුරය සඳහා සන්ධ්‍යා කුමුදුනී රාජපක්ෂ මහත්මිය පත් කෙරේ 

    ඔක්තෝබර් 15, 2024

    රජයේ රස පරීක්ෂක තනතුර සඳහා සන්ධ්‍යා කුමුදුනී රාජපක්ෂ මහත්මිය පත්කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

    අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    රජයේ රස පරීක්ෂක ලෙස සේවය කළ දීපිකා සෙනෙවිරත්න මහත්මිය  2024 ඔක්තෝබර් 11 දින සිට සිට විශ්‍රාම ලබා තිබුණාය. 

    ඒ අනුව පුරප්පාඩු වී ඇති එකී තනතුර සඳහා ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරින්ගේ ජ්‍යෙෂ්ඨතා ලේඛනය අනුව මීළඟට ඉහළම ජ්‍යෙෂ්ඨතාව හිමි, දැනට රජයේ අතිරේක රස පරීක්ෂක තනතුරෙහි සේවය කරනු ලබන ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනි පතිරගේ සන්ධ්‍යා කුමුදුනී රාජපක්ෂ මහත්මිය පත් කිරීම පිණිස අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍ය වශයෙන් අගමැතිනිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya