මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නවීකරණය කළ අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා ඒකකය විවෘත වෙයි

    ජනවාරි 04, 2021

    නවීකරණය කළ අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා ඒකකය අද (04 ) දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොල්ලුපිටිය ආර්.ඒ ද මැල් මාවතේ දී විවෘත විය.

     

    මහා සංඝරත්නය සෙත් පිරිත් සඡ්ජායනා කිරීමෙන් අනතුරුව ආගමික වතාවත්වල නිරත වූ අග්‍රාමාත්‍යතුමා මංගල ප්‍රදීපය දල්වමින් මහජන සම්බන්ධතා ඒකකයේ කටයුතු සුබ මොහොතින් ආරම්භ කළේය.

    කොළඹ, 03 කොල්ලූපිටිය ආර්.ඒ.ද මැල් මාවතේ, අංක 101 දරණ ස්ථානයේ පිහිටි මෙම ඒකකය මහජනතාවගේ පහසුව සඳහා නවීකරණය කරමින් මෙසේ කලින් පිහිටි ස්ථානයේම නැවත ස්ථාපිත කර තිබේ.

    සඳුදා සිට සිකුරාදා දක්වා සතියේ දින පහේම මෙම ස්ථාන‍ය මහජනතාවට විවෘතව පවතියි.

    මහජනතාවගේ යෝජනා, ගැටලු සහ පැමිණිලි වඩා කාර්යක්ෂම සේවාවක් ඔස්සේ ඵලදායී ලෙස විසඳුම් කරා යොමු කිරීම මහජන සම්බන්ධතා ඒකකයේ අපේක්ෂාව වී තිබේ.

    පසුගිය කාලයේ අග්‍රාමාත්‍යතුමාට යොමු කළ එවැනි යෝජනා, පැමිණිලි සහ ගැටලු අන්තර්ගත ලිපි 12000කට පමණ මෙම ඒකකයේ මැදිහත්වීමෙන් ප්‍රතිචාර දක්වා ඇත.

    මෙම අවස්ථාව සඳහා අග්‍රමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, අතිරේක ලේකම්වරුන්වන චමින්ද කුලරත්න, හර්ෂ විජේවර්ධන, මහජන සම්බන්ධතා ඒකකය භාර අතිරේක ලේකම් නිශාන්ත වීරසිංහ, රාජ්‍ය නිලධාරින්, පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරින්, මහජන සම්බන්ධතා නිලධාරින් ඇතුළු මහත්ම මහත්මීන් රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya