මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හුදෙකලා කර ඇති ප්‍රදේශවල පිහිටි පාසල් හැර අනෙකුත් ප්‍රදේශවල පාසල්වල 11 වන ශ්‍රේණිය 25 වන දා ඇරඹේ- ප්‍රාථමික ශ්‍රේණි ජනවාරි 11 දා

    ජනවාරි 04, 2021

    බස්නාහිර පළාතේ හුදෙකලා කර ඇති ප්‍රදේශවල පිහිටි පාසල් හැර අනෙකුත් ප්‍රදේශවල පාසල්වල 11 වන ශ්‍රේණිය ලබන 25 වන දා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය සාකච්ඡාවට අද (04) එක් වෙමිනි.

    එමෙන් ම ජනවාරි 11 දින බස්නාහිර පළාත සහ පිට පළාත්වල හුදකලා කර ඇති පොලිස් වසම් වල පිහිටි පාසල් හැර සෙසු පාසල්වල ප්‍රාථමික පන්ති ආරම්භ කිරීමට නියමිත බවද අමාත්‍යවරයා
    පැවසීය. ඒ අනුව ම පෙර පාසල් ආරම්භ කෙරෙන බවද කීය.

    මෙම සියලු කටයුතු ඉතා සැලසුම් සහගත වැඩපිළිවෙලක් යටතේ සිදු කර තිබෙන බව කී අමාත්‍යවරයා, Covid 19 වැළැක්වීම සඳහා සෞඛ්‍ය අංශවල නිර්දේශ යටතේ මේ සඳහා වැඩපිළිවෙල
    ක්‍රියාත්මක කෙරෙන බවද පැවසීය.

    මේ වසරේ ආරම්භ වන්නේ පාසල්වල පළමු වාරය බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය. ජනවාරි මස පාසලට ළමුන් පැමිණෙන විට ඉහළ පන්තියට දරුවන් උසස් කෙරෙන බවද ඒ සඳහා පාසල්
    පෙළ පොත් නිකුත් කෙරෙන බවද පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya