මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 871ක් දක්වා ඉහළට

    අප්‍රේල් 29, 2020

    COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 871ක් දක්වා ඉහළට ...

    ලංකා විදුලි පෞද්ගලික සමාගම පරිත්‍යාග කළ රුපියල් මිලියන 05ක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් (28) දින දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාරදෙනු
    ලැබිණ. රාජ්‍ය නොවන සංවිධාන මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ආර්. ගුණරත්න මහතා සිය වැටුප සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කළේය.


    ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 871 ඉක්මවයි.

    ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරේ. දෙස් විදෙස් පරිත්‍යාගශිලීහූ ගිණුමට දායක වී සිටිති.

    නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත. චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පිළිවන. දුරකථන අංක 011 – 2354479 / 011 – 2354354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) කේ.බී. එගොඩවෙලේ මහතා අමතා වැඩි විස්තර දැන ගැනීමට හැක.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya