සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩිමෙන්සියාව කල් ඇතිව හඳුනා ගැනීම තුළින් රෝගී තත්ත්වය පාලනය කර ගැනීමට හැකියි

    සැප්තැම්බර් 24, 2015

    ශ‍්‍රී ලංකාවේ ඩිමෙන්සියා තත්ත්වය සීඝ‍්‍රයෙන් වැඩිවීමක් දක්නට ඇති අතර වැඩිහිටි ජනතාව සීඝ‍්‍රයෙන් වැඩිවීම මෙයට බලපා ඇති බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පී.ජී.මහීපාල මහතා ඊයේ (23) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවති මාධ්‍ය සම්මන්ත‍්‍රණයේදී පැවසීය.


    ඩිමෙන්ෂියාව යනු මොළයේ ස්නායු සෛල ක‍්‍රමයෙන් මිය යාමේ ප‍්‍රතිඵලයක් ලෙස මතකය, හැසිරීම, තීරණ ගැනීම, බුද්ධිය හා පෞරුෂය යන ලක්ෂණවල වෙනස්තම් ඇතිවන රෝගයකි. මෙම රෝගය මහලූ අය අතර එනම්, වයස අවුරුදු 60 ට වැඩි අය අතර දැකිය හැකි රෝගී තත්ත්වයකි. මෙය මානසික රෝගී තත්ත්වයක් වන අතර ශ‍්‍රී ලංකාවේ දැකිය හැකි සුලබ රෝගයකි.

    මෙහි රෝග ලක්ෂණයන් ලෙස එදිනෙදා දේ නිතර අමතකවීම, දින චර්යාවේ සහ හැසිරීමේ වෙනස්කම්, ආවේග හා සංවේද පාලනය අඩුවීම, වැරදි විශ්වාස හා අලූත් පරිසරයකට හැඩගැසීමේ හැකියාව අඩුවීම දැකිය හැකි වේ.

    ඩිමෙන්සියාව කල් ඇතිව හඳුනා ගැනීම තුළින් රෝගී තත්ත්වය පාලනය කර ගැනීමට හැකි වන අතර මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීම තුළින් රෝගියාට මෙන්ම පවුලේ අයට ද සිදුවිය හැකි හානිදායක තත්ත්වය වළක්වා ගැනීමට හැකි වේ.

    මෙම රෝගී තත්ත්වය වැඩිහිටි ජනතාවගෙන් වයස 65-70 අතර 5% කට ද වයස 70 -75 අතර 10% කට හා වයස 75- 80 ත් අතර 20% කට පවතියි. ඩිමෙන්සි රෝගය සඳහා පිරිමින්ට වඩා ගැහැණු අය ගොදුරුවීමේ වැඩි ප‍්‍රවණතාවයක් දැකිය හැකි අතර පිරිමි අයට වඩා ගැහැණු අයගේ ආයු කාලය වැඩිවීම මෙයට හේතු සාධක වනු ඇත.

    මෙවැනි රෝගීන් රැුක බලා ගන්නා අයෙක් තුළ දැනුම, ආකල්පමය වෙනස, රැක බලා ගැනීමට ඇති හැකියාව හා මානුෂිකත්වය තිබිය යුතු ප‍්‍රධාන කරුණු සතරක් වනු ඇත. තවද, මෙවැනි රෝගීන් සඳහා මතකය හා කල්පනාව වර්ධනය කරන ඖෂධීය ප‍්‍රතිකාර මෙන්ම ඖෂධීය නොවන ප‍්‍රතිකාරයන් ද ලබාදීම වැදගත් වනු ඇත.

    ඩිමෙන්සියාව පවතින රෝගීන් සඳහා පවතින ගැටලූ නිරාකරණය කර ගැනීමට මෙන්ම අවශ්‍ය උපදෙස් හා සායනික තොරතුරු අංගොඩ මානසික රෝහලේ 0113140844 දුරකථන අංකයෙන් නොමිලේ ලබා ගැනීමට හැකියාව තිබේ. තවද, ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ කාමර අංක 43 හි පැවැත්වෙන ඩිමෙන්සියා සායනය තුළින් ද අවශ්‍ය ප‍්‍රතිකාර සඳහා රෝගීන්ට යොමුවිය හැකි වේ.

    මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යක්ෂ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය කපිල රණසිංහ, හෙද නිලධාරී එස්. ඞී. වික‍්‍රමසිංහ, සංවර්ධන සහායක එම්.ටී.ජී.පෙරේරා යන මහත්වරුන් සහභාගී වූහ.

    a demo

    CMU

    ඡායාරූප- යමුනී රශ්මිකා

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya