සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීරෝගා ලොතරැයියෙන් ජාතික වකුගඩු අරමුදලට කෝටියක අධාර

    සැප්තැම්බර් 23, 2015

    ජාතික ලොතරැයි මණ්ඩලයේ නීරෝගා ලොතරැයි අලෙවියෙන් ලද අදායමෙන් ජාතික වකුගඩු අරමුදලට රුපියල් කෝටියක මුදලක් පිරිනැමීම අද (23 ) මුදල් අමාත්‍යාංශයේ දී සිදුවිය.

    ශ්‍රී ලංකාවේ විශේෂයෙන් උතුරු මැද පළාතේ ප්‍රදේශ ගණනාවක බහුලව පවතින වකුගඩු රෝගය මැඩ පැවැත්වීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි පිහිටුවන ලද ජාතික වකුගඩු අරමුදලට මූල්‍යමය දායකත්වය සැපයීම සඳහා “නීරෝගා“ නමින් ලොතරැයියක් ජාතික ලොතරැයි මණ්ඩලය මගින් මෑතදී ආරම්භ කරන ලදී.

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ උපදෙස් මත අරඹන ලද මෙම ලොතරැයියේ පළමු දිනුම් ඇදීම පසුගිය ජුලි 25 වන දින සිදුකරන ලදී.

    මෙතෙක් එහි ආරම්භයේ සිට දිනුම් ඇදීම් හතක් සිදු කර ඇති අතර එය සඳහා මහජනතාවගේ සහභාගීත්වය ද ප්‍රශස්ථ මට්ටමේ පවතී.

     ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනී නීතීඥ ශ්‍යාමිලා පෙරේරා මහත්මිය විසින් අදාළ චෙක්පත වකුගඩු අරමුදලට බැර කිරීම පිණිස මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත පිරිනැමුවේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya