එක්සත් ජාතීන්ගේ 70 වැනි මහ සැසිවාරයේ, තිරසර සංවර්ධනය පිළිබඳ සමුළුව හෙට (25) සිට ලබන 27දා දක්වා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ දී පැවැත්වේ. වසර 2015න් ඔබ්බට ක්‍රියාත්මක විය යුතු තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය එක්සත් ජාතීන් විසින් මෙහිදී එළිදක්වන අතර ලොව සියලු රටවල් එකඟ විය යුතු අරමුණු 17 ක් ඊට ඇතුළත් වෙයි.