අධික වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන වැව් සියල්ලම උපරිම ජල ධාරිතාවයට

අධික වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන වැව් සියල්ලම උපරිම ජල ධාරිතාවයට
  • SocialShare:

පවතින කාලගුණ තත්ත්වය සමඟ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පරාක්‍රමසමුද්‍රය, මින්නේරිය, ගිරිතලේ, කවුඩුල්ල හා මාදුරුඔය ජලාශය ඇතුළු ප්‍රධාන ජලාශ සියල්ලක්ම මේවන විට උපරිම ජලධාරීතාවයට

පත්වී තිබෙන බව පොළොන්නරුව දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

ඒ සමඟම වාන් දොරටු විවෘත කර වැඩි ජලය මුදා හැරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව මේ වන විට කටයුතු කරමින් සිටී.

ඒ අනුව පරාක්‍රමසමුද්‍රයේ වාන් දොරටු දහයම අඩි දෙක බැවින් විවෘත කර තත්පරයට ඝණ අඩි 2,800ක ජලධාරිතාවයක් මහවැලි ගඟට මුදා හරිමින් පවතී.

කවුඩුලු ජලාශය වාන් දොරටු දොළහම අඩිය බැගින් විවෘත කොට තත්පරයට ඝණ අඩි 3,500ක ජලධාරිතාවයක් කවුඩුලු ඔයට මුදා හරිමින් පවතී.

මේ අතර මින්නේරිය ජලාශයේ වාන් දොරටු සියල්ලක්ම විවෘත කොට තත්පරයට ඝණ අඩි 2,800ක ජලධාරීතාවයක් අගළවාන ඔස්සේ කවුඩුලු ජලාශය වෙත මුදා හරි.

ගිරිතලේ වැව ද තත්පරයට ඝණ අඩි 800 පමණ ජල ධාරිතාවයක් හතමුණ ඔයට මුදා හරි.

මේ අතර පවතින අධික වර්ෂාපතනය නිසා පහත් බිම් රැසක් ද ජලයෙන් යටවෙමින් පවතින බව පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය දැනුම් දෙයි.

පොළොන්නරුව දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.