‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු සිදුවූ දැඩි විනාශය සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාවට අදාළ විදේශ ණය ගෙවීම් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගන්නැයි ඉල්ලමින්, නොබෙල් ත්‍යාගලාභී ජෝසප් ස්ටිග්ලිට්ස් ඇතුළු ආර්ථික විද්‍යාඥයින් 120 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මහජන අභියාචනයක් නිකුත් කර ඇති බව The Guardian පුවත්පත වාර්තා කරයි.
එම ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දෙන පරිදි, ව්‍යසනයෙන් පසු ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම, ජනතා ජීවනෝපායන් සුරැකීම සහ මූලික සේවා පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මූල්‍ය ඉඩකඩ ලබාදීමට, වත්මන් ණය ගෙවීම් අත්හිටුවා නව ණය ප්‍රතිසංවිධානයක් (debt restructuring) සිදු කළ යුතු බව ඔවුන් අවධාරණය කර ඇතැයි එම පුවත්පත වැඩිදුරටත් සඳහන් කරයි.


