අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර අමාත්‍යාංශයේ මින්මුතු සූර්ය උදානය බක්මහ උළෙල හෙට

    අප්‍රේල් 29, 2014

    ධීවර අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතන එක්ව ප‍්‍රථම වරට පවත්වනු ලබන "මින්මුතු සූර්ය උදානය " බක්මහ උළෙල හෙට (30) දවස පුරා කොළඹ, වනාතමුල්ල, ඕවල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

     


    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතාගේ හා අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් මෙය පැවැත්වේ.


    මේ බක්මහ උළෙලේ අලුත් අවුරුදු කී‍්‍රඩාවන් වන කණාමුට්ටි බිඳීම, බැලුන් පිපිරවීම, පොල්ගෑම, අවුරුදු කුමරිය, ජන ගී තරග, කඹ ඇඳීම, අලියාට ඇස තැබීම, පොල් අතු විවීම, ලිස්සන ගහ නැඟීම, සංගීත පුටු තරගය, සංගීත තොප්පි තරගය, ජන ගී ගායනා තරග ඇතුළු ගණනාවක්ම පැවැත්වේ. ගම හරහා දීවීමේ තරගය එදින පෙ.ව. 08.00ට ධීවර අමාත්‍යාංශය අභියසින් ආරම්භ වී වනාතමුල්ල ඕවල් ක‍්‍රීඩාංගණයෙන් අවසන් කෙරේ.


    මේ සඳහා ධීවර අමාත්‍යාංශය හා අනුබද්ධ ආයතනයන් වන ධීවර දෙපාර්තමේන්තුව, සී-නෝර් පදනම, ජලජීවී වගා සංවර්ධන අධිකාරිය, නාරා ආයතනය, ලංකා ධීවර සංස්ථාව, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව යන ආයතන වල සේවක සේවිකාවන් මෙන්ම ඔවුන්ගේ දරුවන් ද සහභාගී වේ. මෙහිදී රාජිත සේනාරත්න අභියෝගතා කුසලාන සමඟින් වටිනා ත්‍යාග සහ සහතිකපත් පිරිනැමේ.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya