අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමගි සම්පන්නව ජීවත්වීමේ වගකීම සමස්ත ශ්‍රී ලාංකීයයන්ට පැවරෙනවා

    අප්‍රේල් 28, 2014

    ජාති, ආගම්, කුල භේදාදියෙන් තොරව සමගි සම්පන්නව ජීවත්වීමේ වගකීම සමස්ත ශ්‍රී ලාංකීයයන්ට පැවරෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා පවසයි.



    ලෝකයේ දියුණු යැයි සම්මත රටවලට වඩා පැරණි හා යහපත් සංස්කෘතියකින් හෙබි මෙරට එම සංස්කෘතිය අඛණ්ඩව පවත්වා ගෙන යාමේ වගකීම අප සියල්ලන්ට ම පැවරෙන බව ද එතුමා සඳහන් කළේය.

    රාගම ශාන්ත බැසිලිකා ක්‍රීඩාංගණයේදී ඉකුත් දා පැවැති වාර්ෂික බක්මහ උළෙලට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව පැවසීය. බක්මහ උළෙලේ තරගවලින් ජය ලැබූවන්ට ත්‍යාග පිරිනැමීමෙන් අනතුරුව උත්සව සභාවේ දී එතුමා මෙසේ සඳහන් කළේය.


    "අපේ සංස්කෘතිය සහ සභ්‍යත්වය ලෝකයේ සෙසු රටවලට සාපේක්ෂව උසස් මට්ටමක පවතින බව කිව යුතුයි. එම සංස්කෘතිය අනුව ඈත අතීතයේ සිටම පුරාණ සම්ප්‍රදායට මුල් තැන දෙමින් සූර්යා වන්දනා කිරීම මෙරට පැවතුණා. ඒ චාරිත්‍රය මේ දක්වා ම පූජනීයත්වයෙන් ඉටු කිරීම ප්‍රසංශනීයයි.

    ජාති, ආගම්, කුල ආදී භේද ආදියෙන් තොරව ජීවත්වීමට අප උත්සහ කළ යුතුයි. ජාතින් පහක් සහ ප්‍රධාන ආගම් අදහන්නන් හතරක් මෙරට ජීවත්වෙනවා. ඒ සියලු දෙනාට ගෞරව කරමින් එකා මෙන් ජීවත්වීමට හැකි අවස්ථාව උදා කළ යුතු යැයි අග්‍රාමාත්‍යතුමා එහීදී තව දුරටත් සඳහන් කළේය.

    රාගම එක්සත් වෙළඳ සංගමය සංවිධාන කළ මෙම බක්මහ උළෙල සාම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා රැසකින් සමන්විත විය. එහදී  බක්මහ උළෙල නැරඹූ අග්‍රාමාත්‍යතුමා තරග සඳහා සහභාගී වූ හස්තීන් වෙත පලතුරු දීමේ අවස්ථාවට ද සහභාගී විය.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya