අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "අපේ බක්මහ උළෙල 2014" අද සරණංකර ක්‍රීඩාංගණයේදී

    අප්‍රේල් 26, 2014

    තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය 04 වන වරටත් සංවිධාන කරනු ලබන අලුත් අවුරුදු උත්සවය වන "අපේ බක්මහ උළෙල 2014" අද (26) කළුබෝවිල, සරණංකර ක්‍රීඩාංගණයේ දී පෙරවරු 9.00ට ආරම්භ වේ.


    කණාමුට්ටි බිඳීම, අන්ධයාට කිරි කැවීම, බිත්තර ඇල්ලීම, ජන ගායනා, කෙටිදුර දිවීම, බෝතලයට වතුර පිරවීම, සංගීත පුටු තරගය, කඹ ඇදීම, දවසේ වාසනාවන්තයා තේරීම, විකට ඇඳුම් තරගය වැනි ජන ක්‍රීඩා රැසක් මෙන්ම සිංහල සංස්කෘතික අංගවලින් "අපේ බක්මහ උළෙල 2014" වර්ණවත් කෙරේ. කුඩා දරු දැරියන් සඳහාම විශේෂිත වූ ජන ක්‍රීඩා රැසක්ද අවුරුදු උත්සවය සඳහා ඇතුළත් කොට තිබේ.


    හෙළ චාරිත්‍ර, සිරිත්හි පිහිටුවා, අපටම අනන්‍ය වූ අපේ අවුරුදු ක්‍රීඩා සිදුකරමින් සංවිධාන වන බක්මහ උළෙල සඳහා අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහ අමාත්‍යංශ සමස්ත කාර්යමණ්ඩලය හා ඔවුගේ පවුල්වල සාමාජිකයන්ද අනුබද්ධ ආයතන 14හි නියෝජිතයින් සහ ඔවුන්ගේ පවුල්වල අය ද මේ උළෙලට සහභාගී වේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya