අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිරි සදහම් ආශ්‍රමයේ අටවිසි බුදු මැදුර හා බෝධිඝරය විවෘත කිරීම

    අප්‍රේල් 16, 2014

    කෑගල්ල, අඹන්පිටිය, කලංනායක සිරි සදහම් ආශ්‍රමයේ අබිනවයෙන් ඉදිකෙරුණ අටවිසි බුදු මැදුර හා බෝධිඝරය විවෘත කිරීමේ මහා උතුම් පුණ්‍යෝත්සවය නිමිත්තෙන් මේ මස 30 වන දින එම විහාරස්ථානයේදී ආගමික වතාවත් රැසක් සංවිධානය කර ඇත.


    එදින සවස 3.00ට අටවිසි බුදුන්වහන්සේලා විහාරස්ථානයට වැඩම කිරීමේ මහා පෙරහැරත්, එදින රාත්‍රී 7.00ට පූජ්‍ය පදලංගල ධම්මදේව ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන විශේෂ ධර්මදේශනාවක් ද එම විහාරස්ථානය මගින් සංවිධානය කර ඇත.

    මැයි මස (01)වන දින පෙරවරු 7.00ට අටවිසි බුදුන්වහන්සේලා අබිනව කුටිවල තැන්පත් කිරීමේ මහෝත්සවය ද එදින පෙ.ව.7.30ට ප්‍රථම කිරි ආහාර පූජාව සහ පෙ.ව.8.30ට පුණ්‍යානුමෝදනා කිරීමේ මහා ධර්ම දේශනාවක් පූජ්‍ය මාවරලේ භද්දිය ස්වාමීන් වහන්සේ විසින් සිදුකරනු ලබයි.

    එදින ම සවස 6.00ට ගිලන්පස ආමිස පූජාවක්ද රාත්‍රි 7.00ට පුණ්‍යානුමෝදනීය විශේෂ ධර්ම දේශනාවක් පූජ්‍ය පොල්පිති මූකලානේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ විසින් සිදුකරනු ලබන බව කලංනායක විහාරස්ථානය පවසයි.


    අබිනව බෝ මළුවේ අධිෂ්ඨාන අබ තෙල් පහන් පූජාව මැයි 02 වන දින රාත්‍රියේ සිට පහන් වන තුරු පැවැත්වේ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya