අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2022 රූපවාහිනී කලා රාජ්‍ය සම්මාන උළෙල සඳහා නිර්මාණ භාරගැනේ

    පෙබරවාරි 25, 2022

    බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, කලා මණ්ඩලය, රාජ්‍ය රූපවාහිනී කලා උපදේශක සභාව එක්ව සංවිධානය කරනු ලබන රූපවාහිනී කලා රාජ්‍ය සම්මාන උළෙල - 2022 සඳහා නිර්මාණ භාරගැනීම මේ වන විට ආරම්භ කර ඇත.

    නිර්මාණ භාරගැනීම 2022 මාර්තු මස 31 වන දින සවස 04.00න් අවසන් වේ. ශ්‍රී ලාංකේය රූපවාහිනී ක්ෂේත්‍රයේ නියැලි ශිල්පීන්, කලාකරුවන් හා මාධ්‍යවේදීන් හට මේ සදහා ස්වකීය නිර්මාණ හා වැඩසටහන් ඉදිරිපත් කළ හැක.

    නිර්මාණ ඉදිරිපත් කිරීම සදහා අයදුම්පත්‍රය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් හෝ https://www.facebook.com/culturaldept.gov.lk / මුහුණු පොත් පිටුවට පිවිසීමෙන් ද ලබාගත හැක.

    නිර්මාණ තැපෑලෙන් එවීමේදී වම්පස ඉහළ කෙලවර “රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල - 2022” ලෙස සඳහන් කර 2022.03.31 දිනට හෝ ඊට පෙර අධ්‍යක්ෂ, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, 08 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීමට හෝ ගෙනවිත් භාරදිය හැකිය.

    වැඩි විස්තර දුරකතන අංක 011 2872030 / 0112872031 ට ඇමතීමෙන් දැනගත හැකිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya