මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල මෙවර අති උත්කර්ෂවත් අයුරින් කොළඹදී

    දෙසැම්බර් 04, 2021

    සාහිත්‍යකරණයේ නියැළි විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලාංකේය සාහිත්‍යවේදීන් අගයනු වස් පුද කෙරෙන “රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල“ ඊයේ (03) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

    පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් සභාපතිත්වය දරණ රාජ්‍ය සාහිත්‍ය උපදේශක සභාව සහ විද්වත් මණ්ඩලයකගේ පූර්ණ අධීක්ෂණය යටතේ සම්මානිත ග්‍රන්ථ තෝරා ගැනීම මෙහිදී සිදුකරන අතර ජීවිතයේ එක්වරක් පමණක් පුදකෙරෙන සාහිත්‍යරත්න සම්මානයෙන් මෙන්ම අංශ ගණනාවක් යටතේ සම්මාන සහ කුසලතා සහතිකපත්වලින් මෙම විශිෂ්ටයෝ උලෙළෙදී පිදුම් ලැබුහ.

    අග්‍රාමාත්‍ය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මාර්ගෝපදේශකත්වයෙන්,අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතගේ උපදේශකත්වයෙන්,සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ තරණි අනෝජා ගමගේ මහත්මියගේ සහ ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටගොඩ මහතාගේ අධීක්ෂණය සහ මගපෙන්වීමෙන් ද ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උළෙල පැවැත්විණි.

    බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය,රාජ්‍ය සාහිත්‍ය උපදේශක සභාව, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව,ශ්‍රී ලංකා කලා මණ්ඩලය එක්ව මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදී.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya