අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නත්තල් තැපැල් මුද්දර චිත්‍ර තරඟය 2021

    සැප්තැම්බර් 17, 2021

     

    ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන නත්තල් තැපැල් මුද්දර ච්ත්‍ර තරඟය සඳහා නිර්මාණ කැදවනු ලැබේ.

    මාතෘකා දෙකක් යටතේ වයස් කාණ්ඩ හතරකින් චිත්‍ර භාරගනු ලැබේ.ජයග්‍රාහි චිත්‍ර සදහා මුදල් ත්‍යාග සහ සහතික පත් ලබා දීම ද සිදුවේ .

    වයස අ.වු 10 දක්වා (2021.12.31දින වන විට අ.වු 10ට අඩු) සහ වයස අ.වු 10 - 15 දක්වා (2021.12.31දින වන විට අ.වු 15ට අඩු) ළමුන් සදහා හිරු එළියයි, කිතු උපතයි ,ලොව පුබුදයි ‍යන තේමාවට අනුව නිර්මාණ කළ යුතුය.

    එසේම වයස අ.වු 15 - 21 දක්වා (2021.12.31දින වන විට අ.වු 21ට අඩු) සහ වයස අ.වු 21 හෝ ඊට වැඩි නිර්මාණකරුවන් රෝග නසන්නට, බිය දුරලන්නට වඩිනු මැන සාමයේ කුමරුන් යන තේමාව අනුව නිර්මාණ ඉදිරිපත් කළ යුතු වෙයි.


    A4 ප්‍රමාණය තිරස් අතට (Landscape )වට ප්‍රමාණය අගල් 1/2 තබා අදින ලද චිත්‍ර සදහා පාට පැන්සල් හැර ඕනෑම මාධ්‍යක් භාවිතා කල හැක.
    එම නිර්මාණ පිටුපස නම,වයස,ලිපිනය සහ දුරකතන අංකය සඳහන් කළ යුතුය .

    එසේම එම නිර්මාණ ආගමික ස්ථානයක පූජකවරයකු /සාමදාන විනිශ්චයකාරවරයෙකු හෝ රාජ්‍ය සේවයේ නියුතු මාණ්ඩලික නිලධාරිවරයකුගේ නිර්දේශ සහිතව 2021.10.29 දිනට පෙර අධ්‍යක්ෂ ,ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව ,නො 16/1,ෂේඩ් ග්‍රෝච් ඇවනිව්,කොටා පාර ,කොළඹ 08 යන ලිපිනයට යොමු කළ යුතුය .

    වැඩි විස්තර ලබා ගැනීමට :-

    දුරකතන :0713 635 417/0112 665 584

    වෙබ් පිටුව :www.christian.gov.lk

    ෆේස්බුක් පිටුව :departmentofchristian

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya