මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘මහ බෝ ප්‍රලේඛා' කෘතිය පිරිනමයි

    මැයි 23, 2021

    දිනමිණ, සිළුමිණ හා බුදුසරණ ඇතුළු ජතික පුවත් පත් රැසකට අනුරාධපුර ලංකාරාමාධිකාරී උතුරුමැද පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක රැළපනාවේ ධම්මජෝති නාහිමියන් දශක හතරක් පුරා ලියන ලද සදහම් ලිපි ඇසුරෙන් ‘මහ බෝ ප්‍රලේඛා‘නමින් කෘතියක් සංස්කරණය කර තිබේ.

    කෘතියේ මුල්ම පිටපත ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා පිදීමෙන් අනතුරුව පෙරේදා (22) අනුරාධපුර අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස සහ රුවන්මැලි චෛත්‍යාරාමාධිකාරී ,නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාහිමිවරුන්ට පිළිගැන්විණි.

    රැළපනාවේ ධම්මජෝති නාහිමියන් හතලිස් වසරකට අධික කාලයක් ශ්‍රි මහා බෝධීන් වහන්සේගේ තේවා කටයුතු සිදුකර තිබේ. ඊට අමතරව ශ්‍රී මහා බෝධී ස්ථානයේ මංගල්ලයන් පිංකම් හා ආගමික වතාවත් සඳහා කැපවෙමින් ද විසිපස් වසරක් පමණ පුරා ලංකාරාම පුදබිමේ භාරකාරත්වය දරමින් ද කළ රාජකාරී අද්දැකීම් මේ සඳහා පාදකවී තිබේ. නාහිමියෝ අටමස්ථාන සංඝ සභාවට සම්බන්ධව කළ රාජකාරීන් හා දහස් සංඛ්‍යාත උවැසි උවැසියන්ටත් රට ජාතිය සමය වෙනුවෙනුත් කළ සේවාවන් ද සුවිශේෂී ය. ඊට අමතරව සිදුකළ ලේඛන කාර්යයන්ගේ වටිනා සටහන් පෙළකට නාහිමියෝ උරුමකම් කියති.
    උන්වහන්සේට විවේක ලැබෙන ඇසිල්ලක් පාසා පුවත්පත්වලට සම්පාදනය කරන ලද සදහම් පණිවුඩ, ශාස්ත්‍රීය ලිපි , බෝධින් වහන්සේට අදාල තොරතුරු, ඓතිහාසික තතු, ප්‍රවෘත්ති
    හා කාලීන ලිපි මෙම කෘතියට ඇළත් වේ. 21වන සියවසට එළැබෙන අවධියේ බෝධීන් වහන්සේගේ ඉතිහාසයට එකතුවන තොරතුරු රාශියක් මෙම ග්‍රන්ථයෙන් පිළිබිඹු කෙරේ. අසූව දශකයේ සිට මේ දක්වා නාහිමියෝ පුවත්පත්වලට ලිපි සම්පාදනයකරති. ‘මහ බෝ ප්‍රලේඛා‘ කෘතිය කර්තෘ ප්‍රකාශනයක් ලෙස සංස්කරණය කරන ලද්දේ ලේක්හවුස් ප්‍රාදෙශීය මාධ්‍යවේදී සරත් මනුල වික්‍රම මහතායි.

    DMU/Anuradhapura

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya