මිය යන විට 68 වැනි වියේ පසු වු ඒ මහතා,1986 දි "පෙරළිකාරයෝ" චිත්‍රපටයෙන් තම රංගන දිවිය ආරම්භ කළේය. 1984 වසරේ දී සිනමා තිරපිටපත් රචනය සඳහා චිත්‍රපට අධ්යක්ෂ දිනේෂ් ප්‍රියසාද් සමඟ එක්වෙමින් ඔහුගේ වෘත්තිය ජීවිතය ආරම්භ කළ අතර, පසුව ප්‍රහසන රංගන ශිල්පියකු ලෙස ජනාදරයට පත්විය.
රෑ ඩැනියෙල් දවල් මිගෙල්, චෙරියෝ ඩාලින්, කොළම්පූර්, පාර්ලිමන්ට් ජෝක්ස් සහ සොමි බෝයිස් වැනි ප්‍රහසන චිත්‍රපට ඇතුළු තවත් චිත්‍රපට රැසකට රංගනයෙන් එක් විය.
රංගනයෙන් මෙන්ම චිත්‍රපට සහ වේදිකා නාට්‍ය රැසකටම අධ්‍යක්ෂණයෙන්, තිර රචනයෙන් සහ නිෂ්පාදනයෙන් ද ටෙනිසන් කුරේ මහතා දායකත්වය දක්වා තිබේ.ටෙනිසන් කුරේ මහතා මොරටුව මෙතොදිස්ත පාසලේ ආදි සිසුවෙකි.