අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ළමා ලෝකය හැඩ කළ සිබිල් නැන්දා නික්ම යයි

    ජූලි 01, 2020

    ප්‍රවීණ ළමා කතා ලේඛිකා සහ චිත්‍ර ශිල්පිණී සිබිල් වෙත්තසිංහ මහත්මිය අභාවප්‍රාප්ත  වූවාය.

     

    හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් මත දින 04ක පමණ කාලයක් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය දැඩිසත්කාර ඒ්කකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (30) රාත්‍රී 11ට පමණ මියගොස් ඇත.


    1927 වසරේ ගාල්ලේදී උපත ලද සිබිල් වෙත්තසිංහයන් මිය යන විට 93 වන වියේ පසුවිය. ඇයටම ආවේණික වූ ශෛලියකින් රචනා වූ ළමා කතාන්දර රාශියකට මෙන්ම ඒ් වටා සිත්තම් වූ ඇයටම අනනන්‍ය හැඩහුරුකම් කියාපෑ පුංචි සිත් පැහැරගත් අපූරු චිත්‍ර රැසකටද ඇය හිමිකම් කියයි.

    පුංචි උන්ගේ ලෝකයෙහි ආදර සිබිල් නැන්දා වීරවරියකි. ඇයගේ පොත් කියවීමට ඇයගේ තෙලි තුඩින් නිමවන හුරුබුහුටි සිතුවම් රසවිදීමට පුංචි සිත් කෙතරම් ලොබ බදිනවාදැයි යන්න ඒම සුන්දර වකවානුව පසුකළ සෑම කෙනෙකුටම සිහිගැන්විය හැක. කුඩ හොරා, මැටිගෙදර ළමයි, අච්චාරු මුට්ටිය, කුසුමලතා, මගුල්ගෙදර බත් නැතෝ, උඩගිය බබා, දුවන රැවුල, මල්ලිටයි මටයි, සූත්තර පුංචා ආදිය ඇය අතින් බිහිවූ අපූරු ළමා රස කතා ගොන්නක සිහිවටනයි. කුඩ හොරා කෘතිය විදෙස් සම්මානයට පාත්‍රවී රටවල් 12ක භාෂාවන්ට පරිවර්තනය වී ඇත්තේද ඒහිවූ අපූර්වත්වය කියාපාමිනි. මෙලෙස රසවත් වූ සිංහල සහ ඉංග්‍රීසි බසින් ඇය විසින් රචිත කතාන්දර පොත් 250කට අධික වෙයි. ළමා සාහිත්‍ය තුළ විශිෂ්ඨ සේවයක් සිදුකරමින් කුඩ හොරා, මැටි ගෙදර ළමයි, අච්චාරු මුට්ටිය, කුසුමලතා, උඩ ගිය බබා, දුවන රැවුල, සූත්තර පුංචා තනිකර අද සිබිල් නැන්දා නික්ම ගොස් ඇත. පුංචි උන්ගේ ලෝකයෙහි මැකිය නොහැකි හිඩසක් ඉතිරි කරමින් ජීවන ගමනින් නික්ම යන ආදර සිබිල් නැන්දාට නිවන් සුව පතමු.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya