අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැලණි සරසවියේ දී ප්‍රවීනයන් පස් දෙනෙකුට සම්මාන

    දෙසැම්බර් 08, 2018

    සහෘද හදවත් ආමන්ත්‍රණය කිරීමට කලාව මගින් හැකියාව ලැබේ යන්න ඔප්පු කරමින් හැකියාවන් පෙන්නූ විද්‍යාර්ථීන් රැසක් ''කලන - 2018 '' වේදිකාවේ දී  සම්මානයට පත් වූහ.

    කැලණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වුණු කලන - 2018 තේමාව වන්නේ ‘කැලණි මිටියාවතේ කලන මිතුරා නොහොත් කැලණි අහසට කලන හදවත් එකතු කළ උල්පත් රෑනේ අංකුර මංගල්‍ය’ යන්නයි.

    දෙවන වරටත් පවත්වනු ලබන මෙම සම්මාන රාත්‍රිය කැලණිය විශ්ව විද්‍යාලයේ කලා මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබුණි.

    කැලණිය විශ්වවිද්‍යාලයේ කලා මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ජන සන්නිවේදන අධ්‍යනාශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතාගේ මාර්ගෝපදේශකත්වයෙන් මෙම සම්මාන උළෙල පැවැත්වුණි. සම්මාන රාත්‍රිය ඇමතූ ඒ මහතා ප්‍රකාශකර සිටියේ විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රියාවලිය වෙනසක් ඇති කරමින් කලාවට මුල් තැනක් ලබා දී බහු විෂය ශික්ෂණය ඇති කරන හෘදය සංවේදී විද්‍යාර්ථියෙක් බිහි කිරීම ඉතා වැදගත් බවය.

    කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ඩී.එම්. සේමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ ද අතීත සරසවි විද්‍යාර්ථීන් විසින් මනමේ, සිංහබාහු වැනි සම්භාවනීය නාට්‍ය පිළිබද ව කථිකාවත් සිදුකළ නමුත් වර්තමාන තරගකාරී අධ්‍යාපන රටාව හමුවේ එම තත්ත්ව වියැකී යන බවය. එවැනි ඛේදජනක වාතාවරණයක දී මෙලෙස කලාවට වැඩි ඉඩක් ලබා දෙමින් කටයුතු කිරීම පිළිබද ව තමා සතුටට පත්වන බවත් එ් මහතා ප්‍රකාශ කළේය.

    මෙම සම්මාන උළෙලේදී විශ්වවිද්‍යාල අන්තර්පීඨ සාහිත්‍ය තරගාවලීන් ජයගත් සිය ගණනක් ජයග්‍රාහක, ජයග්‍රාහිකාවන් ට සම්මාන හා සහතික පත් බෙදා දෙනු ලැබීය. මෙයට අමතර ව තම නිර්මාණ හැකියාවන් විදහා දැක් වූ කලා, සාහිත්‍ය හා නාට්‍ය සම්භාවනීය කලාවේදීන් උදෙසා උපහාර පුද කිරීම ද කලන-2018 වේදිකාවේ සිදු විය. සම්මානිත මහාචාර්යවරුන් වූ චන්ද්‍රසිරි පල්ලියගුරු , සෝමරත්න බාලසූරිය සහ සුනන්ද මහේන්ද්‍ර යන මහත්වරුන්ට ද, ප්‍රවීන නර්තනවේදීනී වජිරා චිත්‍රසේන හා ප්‍රවීණ රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ මහත්මීන්ද කලන- 2018 සම්මමාන ලැබූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya