අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    68වැනි බෙල්ලන්විල රන්දෝලි පෙරහැර 11දා

    අගෝස්තු 06, 2018
    බෙල්ලන්විල ඇසළ මහා රන්දෝලි පෙරහැර 11දා රාත්‍රී 8.00ට විථී සංචාරය කිරීමට නියමිත බව බෙල්ලන්විල රාජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියෝ සඳහන් කළහ.
     
    විහාරාධිපති හිමියෝ මේ බව සඳහන් කර සිටියේ අද (06) ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    ඒ අනුව පෙරහර නැගෙනහිර වාහල්කඩින් පිටත්වි විහාර මාවත, දෙහිවල - මහරගම ප්‍රධාන මාර්ගයේ බෙල්ලන්තර හන්දිය කරා ගමන් කර අනතුරුව රත්මලාන - නුගේගොඩ මාර්ගයේ බෙල්ලන්තොට හන්දිය පසුකර පැපිලියාන දෙසටගොස් හමුවන විහාර මාවත ඔස්සේ නැවත නැගෙනහිර වාහල්කඩින් විහාරස්ථානයට ගෙවදීමට නියමිතය.
     
    පෙරහර මංගල්‍යයේ ආරම්භය සනිටුහන් කරමින් මල් පෙරහර ඊයේ 05දා ආරම්භ කොට ඇති අතර එම පෙරහැර ලබන 08දා දක්වා පැවැත්වෙන අතර 09දා පාවාඩ පෙරහැර පැවැත්වේ. 10දා රාත්‍රී 8.00ට රන්සිවිලි පෙරහැර පැවැත්වේ.
     
    අගෝස්තු 12දා බොරලැස්ගමුව කටු ඇළ තොටුපොළේ දී සිදු කරන දියකැපීමේ මංගල්‍යයෙන් අනතුරුව 2018 බෙල්ලන්විල ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත් වේ.
     
    මෙවර පෙරහැර මංගල්‍ය සඳහා අලි ඇතුන් 30කට වැඩි ප්‍රමාණයක් මෙන් ම නැටුම් කණ්ඩායම් 50කට අධික ප්‍රමාණයක් සහභාගිවීමට නියමිත බවද පෙන්වාදුන් විහාරාධිපති හිමියෝ වාහන ගාල් කිරීමට ඇති ඉඩ අවස්ථා අවම බැවින් හැකිතාක් වාහන පෙරහැර ගමන් මාර්ගයට දුරින් නවත්වා පයින් පැමිණ පෙරහැර කටයුතු සාර්ථක කරගැනීමට සහාය ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියහ.
     
    එමෙන් ම මහජන ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 1500ක් පමණ පෙරහැර රාජකාරි කටයුතුවල නිරත වන බවත් වැඩිදුරටත් උන්වහන්සේ පෙන්වා දුන්නහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya