අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    5 වැනි විශ්ව සම්භාවනීය සිනමා දැක්ම - "බඹරු ඇවිත්" 26 දා

    ජූලි 20, 2018

     

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සහ ඒ යටතේ පවතින  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා අනෙකුත් මාධ්‍ය ආයතනවල  නිලධාරීන්ගේ  හා මාධ්‍යවේදීන්ගේ සිනමා රසවින්දනය හා සාහිත්‍ය දැනුම වර්ධනය කිරීමේ අරමුණින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධානය කරන විශ්ව සම්භාවනාවට පත් සිනමා කෘතීන් ප්‍රදර්ශනය කිරීමේ වැඩසටහන යටතේ පස් වැනි මාසික සිනමා පරට ප්‍රදර්ශනය හා කථිකාව 2018 ජූලි  මස 26 වැනි දින ප.ව 1.00ට කොළඹ 05 පොල්හේන්ගොඩ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

    සම්මානීය චිත්‍රපට අධ්‍යක්ෂ ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ ජෝ අබේවික්‍රම, මාලනී ෆොන්සේකා හා විජය කුමාරතුංග විමල් කුමාර ද කොස්තා ඇතුළු නළු නිළියන් රැසක් රඟ පෑ 80 දශකයේ ප්‍රබල සමාජ කථිකාවකට ලක් වු  මාක්ස්වාදී විචාර ප්‍රවේශයකින් යුත් විශිෂ්ට සිනමා කෘතියක් වන  ”බඹරු ඇවිත්” චිත්‍රපටය මෙදින ප්‍රදර්ශනය කෙරේ.

    මොක්ස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී විශිෂ්ට සිනමා කෘතියක් ලෙස නිර්දේශිත වූ, ජනාධිපති OCIC සහ සරසවි වැනි සම්මාන රාශියක් දිනා ගත් ”බඹරු ඇවිත්” චිත්‍රපටයේ සිනමා කථිකාව හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ බාහිර කථිකාචාර්ය ප්‍රියාන් ආර් විජේබණ්ඩාර මහතා විසින් පවත්වනු ලැබේ.
    මෙම චිත්‍රපටය මාධ්‍යවේදීන්  විශ්වවිද්‍යාල ශිෂයන් ඇතුළු පොදුවේ සැමට නැරඹිය හැකි බවට රජයේ ප්‍රවෘත්ති  දෙපාර්තමේනතුව අවධාරණ කරයි.

    මේ පිළිබඳව  වැඩිදුර තොරතුරු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය පර්යේෂණ ඒකකයේ පහත සඳහන් දුරකතන අංක මගීන් විමසිය හැක. 0112514269/0773063554

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya