අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රි ලංකා - චීන සිසුන්ගේ ඒකාබද්ධ චිත්‍ර ප්‍රදර්ශනය ජූලි 23 කොළඹදී...

    ජූලි 18, 2018

    ශ්‍රි ලාංකික සිසුන් චිනයේ,බෙයිජිං,ටියංජිං සහ හෙබෙයි නගරවල සිසුන් විසින් ඉදිරිපත් කරන ඒකාබද්ධ සිසු චිත්‍ර ප්‍රදර්ශනය ජූලි මස 23 පෙරවරු 9.00 ට කොළඹ ප්‍රසාංගික හා දෘෂ්‍ය කළා විශ්ව විද්‍යාලයේ ,ජේ.ඒ.ඩී.පෙරේරා ප්‍රදර්ශන ශාලාවේදී පැවැත්වේ.

    මෙම චිත්‍ර  ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබන්නේ ශ්‍රි ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමය සහ බෙයිජිං, හෙබෙයි සහ ටියැංජිං යන නගරවල විදේශීය රටවල මිත්‍රත්වය සඳහා වන ජනතා සංගම් මගිනි.

    බෙයිජිං හී පැවති ශ්‍රි ලංකා සංස්කෘතික සතිය පදනම් කොට 21 වන සියවසේ සේද මාවත සංකල්පය තේමාකොට මෙම ප්‍රදර්ශනය පැවැත්වේ.ප්‍රදර්ශනය සඳහා දෙරටේ සිසුන් විසින් නිර්මාණය කරන ලද චිත්‍ර 100 ක් පමණ එක්කොට තිබේ.ශ්‍රි ලංකා හා චීන සිසුන්ගේ කුසලතා හා දක්ෂතා ප්‍රදර්ශනය කිරීම අරමුණු කොට ගෙන දෙරටේ, සංස්කෘතික ,සමාජ ජීවිතය හා සංවර්ධනය පිළිඹිබුවන පරිදි මෙම චිත්‍ර නිර්මාණය කොට තිබේ.

    ප්‍රදර්ශනය සඳහා චිත්‍ර නිර්මාණය කළ චීනයේ සිසුන් 4 දෙනෙකු සහ විදේශීය රටවල මිත්‍රත්වය සඳහා වන බෙයිජිං මිත්‍ර සංගමයේ උසස් නිළධාරින්ද, මෙම ප්‍රදර්ශනයට සහභාගිවන අතර, ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රි ලංකාවේ චීන තානාපති කාර්යාලයේ සංස්කෘතික අධ්‍යක්ෂ ලියූ තුං මහතා,ප්‍රසාංගික හා දෘෂ්‍ය කළා විශ්ව විද්‍යාලයේ උපකුලපති ඇතුළු ප්‍රභූන් පිරිසක් සහභාගි වෙති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya