අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීනයත් අලුත් අවුරුද්ද සමරයි

    අප්‍රේල් 16, 2018

    සිංහල හා හිංදු අලුත් අවුරුද්ද සමරමින් විශේෂ වැඩසටහන් රැසක්, චීනයේ,ශ්‍රීලංකා තානාපති කාර්යාලයේ දී පැවැත්විණි. සාම්ප්‍රදායික ක්‍රීඩා රැසකින් මෙම වැඩසටහන වර්ණවත් විය.

    නව අවුරුදු උදාවේ දී සිදුකරන සියලු චාරිත්‍ර සිදුකරමින් ආරම්භ කළ මෙම උත්සවය චීනයේ , ශ්‍රීලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේ දී පවත්වනු ලැබුවේ , චීනයේ ශ්‍රීලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු
    මහතාගේ ප්‍රධානත්වයෙන්. චීනයේ රැකියාවේ නිරත , අධ්‍යාපන කටයුතු වල නිරත මෙන්ම විවිධ වැඩසටහන් සදහා චීනයට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයින් 500 කට ආසන්න පිරිසක් මේ අවස්ථාවට එක් විය.

    අවුරුදු තරග සදහා චීන ජාතිකයින් මෙන්ම තවත් විවිධ රටවලින් පැමිණි පිරිස් ද සහභාගී වීම විශේෂත්වයකි. මෙම අවුරුදු උත්සවයේ ත්‍යාග සදහා අනුග්‍රහය දැක්වුයේ චීනයේ විවිධ ආයතනවලිනි. මෙම උත්සවය සංවිධානය කරන ලද්දේ , චීනයේ ශ්‍රීලංකා තානාපති කාර්යාලය හා “චයිනා ශ්‍රීලංකා යූත්,, නැමැති චීනයේ වෙසෙන ශ්‍රීලාංකිකයින්ගෙන් සැදුම්ලත් සංගමය එක්වයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya