අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර 100 කට පසු විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් - අවිද්‍යාවෙන් තුරන්වීම කාලීන අවශ්‍යතාවයක්- සෞඛ්‍ය අමාත්‍ය

    අප්‍රේල් 01, 2018
    නිර්මාල් රාජපක්ෂ මහතා අධ්‍යක්ෂණය කිරිමට නියමිත VIRUS” චිත්‍රපටය පිළිබද හදුන්වාදීමේ උත්සවයක් සෞඛ්‍යපෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික චිත්‍රපටසංස්ථාවේ දී   (30)දින පෙරවරුවේ පැවැත්විනි.
    මෙම චිත්‍රපටය ශ්‍රී ලංකාවේ අවුරුදු 100 කට පමණ පසු නිර්මාණය කරන එකම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය ලෙස ද හදුන්වයි.
     
    මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - විද්‍යාව මගින් තමයි වෛරසය හොයා ගත්තේ. විද්‍යාවට එරෙහිව වෛරසය අද ක්‍රියාත්මක වෙමින් අවිද්‍යාව මතු කරමින් තිබෙනවා. ශ්‍රී ලංකාවේ සිටින ජීවීන් පිටසක්වලට රැගෙනයාම තුලින් පිටසක්වල සිටින ජීවීන් ද අපහසුතාවයට පත් වෙනවා. මන් ද අපේ සමාජය අවිද්‍යාවෙන් පීරි පැවැතීම නිසයි. මම බුදුදහම පිළිබද ඉගෙනගත්තේ මහාචාර්ය කොටගම වාචිශ්වර හිමියන්ගෙන්. නිර්මල බෞද්ධ දර්ශනය පිළිබදව උන්වහන්සේ නිවැරදිව අධ්‍යාපනය ලබාදුන්නා. වර්තමානයේ  පන්සිල් පද 05 ප්‍රකාශ කළත්, එය ආරක්ෂා කරනවා ද?. ඇතැම් අය නිකන් පන්සිල් පද පහ කියවනවා පමණයි. වර්තමානයේ සිංහල, බුද්ධාගම කියා කොටසකුත් සමාජයේ කථා වෙනවා. බුදුරාජාණන් වහන්සේ කාලාම සුත්‍රයේ දේශණා කර තිබෙනවා ජාතිය යනුවෙන් හදුන්වන්නේ කවුද කියලා.   එම නිසයි මම අවිද්‍යාවෙන් පිරිණු ලෝකයක් ගැන කථා කරන්නේ. ග්‍රන්ථවල, පර්යේෂණවල විද්‍යාව තිබෙනවා. නමුත් ක්‍රියාවෙන් ඔප්පු කරන්නේ නැහැ. ධර්මය අවබෝධ කරගත් බුදුරජාණන් වහන්සේ ද මෙම ධර්මය පළමුව අදියරෙන් අදියර ලබාදුන්නේ පස්වග මහනුන්ටයි. ඒ වසර 2600 කට පෙරයි. බුදුදහම විද්‍යාත්මක දර්ශණයක්. අවිද්‍යාවෙන් තුරන්වීම කාලීන අවශ්‍යතාවයක්. ඇත්ත දකින මිනිසත් එම ඇත්ත ප්‍රකාශ කරන්න බයයි. බෞද්ධ දර්ශණය පිළිබදව දේශපාලන ජීවිතය අවසන් කළ පසු මම ප්‍රකාශයට පත් කරනවා. දේශප්‍රේමය පිළිබදව Albert Einsteinප්‍රකාශ කර තිබෙනවා එය රෝගයක් කියලා. එය සරම්ප වැනි රෝගයක් ජාතිය, ආගම, කුලය වර්ගය ගැන කථා කරන අය මිනිස්කම ගැන කථා කළ යුතුයි.
     
    ජාන තාක්ෂණ විද්‍යාව සෞඛ්‍ය සේවාවේ අනාගත ලකුණයි. මේ පිළිබදව ඇමරිකාව පුරා පර්යේෂණ සිදු කරනවා. එම පර්යේෂණ වලට අනුව පිළිකා නාශක ඖෂධයක් ලෙස කයිරූඩා නැමැති ඖෂධය නිෂ්පාදනය කර තිබෙනවා. එහි අතුරු ආබාධ කිසිවක් නැහැ. ලංකාවේ ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. අපේ රටේ විද්්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් ද අවිද්‍යාවට අදාල තොරතුරු තමයි ලබාදෙන්නේ. හූනියම්, යන්ත්‍ර බලි තොවිල් සහ නක්ෂත්‍රය පිළිබද වැඩසටහන් කරනවා. මිනිසා හැදීම නොව විනාශ කිරීමයි එමගින් සිදු වන්නේ. විවිධ වසංගත වලින් අවිද්‍යාවෙන් මිනිසා විනාශ වී තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya