අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඓතිහාසික සේරුවාවිල විහාරයේ යටිතල පහසුකම් වැඩිදියුණු කෙරේ

    ජූලි 14, 2014

    බුදුන් වහන්සේගේ ලලාඨ ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති ඓතිහාසික සේරුවාවිල රජමහා විහාරස්ථානයේ යටිතල පහසුකම් හා පුරාවිද්‍යා කෞතුකාගාරය නවීකරණය කිරීමට නැගෙනහිර නවෝදය ව්‍යාපෘතිය යටතේ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.


    මේ සඳහා ඇස්තමේන්තු මුදල රුපියල් මිලියන 1.6කි. මේ අනුව ප්‍රධාන විදුලි සම්බන්ධතාව ලබාදීම සහ පුරාවිද්‍යා කෞතුකාගාරයේ අභ්‍යන්තර ආලෝක මධ්‍යස්ථානය සකස් කිරීම මෙන්ම මෙතෙක් විශාල අඩුපාඩුවක් පැවති ජල සැපයුම සකස් කිරීම මෙහි දී සිදුකෙරේ.


    දැනට නැගෙනහිර සංචාරය සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ පහසුකම් සැලසීම හා සංචාරක ආකර්ෂණය වැඩි කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකෙරේ.  

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya