අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී සම්බුද්ධ විහාර චෛත්‍ය රාජයාණන්ගේ සර්වඥ ධාතු තැන්පත් කෙරේ

    ජූලි 14, 2014
    දකුණු හෝකන්දර ශ්‍රී සම්බුද්ධ ජයන්ති දක්ෂිණාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරනු ලබන චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතු නිධානෝත්සවය පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා  ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය, කඩුවෙල සංවර්ධන කමිටුවේ සභාපති, විමල් වීරවංශ මහතාගේ සහභාගීත්වයෙන් පසුගියදා එම විහාරස්ථානයේ දී සිදු කළහ.
     
    ඓතිහාසික බුත්තල යුධඟනාව රජමහා විහාරස්ථනයේ සිට හෝකන්දර ශ්‍රී සම්බුද්ධ ජයන්ති දක්ෂිණාරාමය වෙත වැඩම කරනු ලැබූ  ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ නිධානෝත්සවය මෙදින මහත් හරසරින් යුක්තව සිදුකරනු ලැබීය. 
     
    හෝකන්දර දක්ෂිණාරාමාධිපති පූජ්‍ය ආචාර්ය මාඳුරුඔයේ ධම්මිස්සර ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව විසින් මෙම පුණ්‍ය මහෝත්සවය සංවිධානය කරන ලදී.
     
    2006 වසරේදී ආරම්භ කරනු ලැබූ මෙම විහාරස්ථානය කේන්ද්‍ර කොට ගනිමින් මේ වන විට දක්ෂිණාරාම පිරිවෙන ද ක්‍රියාත්මක වනු ලබන්නේ  භික්ෂූන් වහන්සේගේ අධ්‍යාපන කටයුතු පහසු කිරීම සඳහාය.
     
    මීට අමතරව  යුධඟනාව විහාරස්ථානයේ සිට  මහත් හරසරින් යුක්තව දක්ෂිණාරාමය  වෙත වැඩම කරනු ලැබූ සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා මාන කිරීමේ අවස්ථාවට ද මෙහිදී විමල් වීරවංශ අමාත්‍යවරයා සහභාගී විය.
     
    මෙම අවස්ථාවට අති ගෞරවනීය මහා සංඝරත්නය වැඩම කර සිටියහ. ඊට අමතරව ජල සම්පාදන හා ජලාපවාහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, බස්නාහිර පළාත් අමාත්‍ය උපාලි කොඩිකාර, බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන හෙක්ටර් බෙත්මගේ, ජගත් කුමාර, කඩුවෙල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් වන මනෝජ් බෙත්මගේ, දීපාල් හෙට්ටිආරච්චි, මහාචාර්ය වොල්ටර් මාරසිංහ, වාස්තු විද්‍යාඥ උදුල බණ්ඩාර අවුසදහාමි යන මහත්වරු, සැදැහැවත්හු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
     
    DB
     
    MP WW HOKAndara temple 1
     
     
    MP WW HOKAndara temple 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya