අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රතුවිතානගේ කෘති හයක් එළිදැක්වේ

    ජූලි 11, 2014
    ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී පියසේන රතුවිතාන මහතා විසින් රචිත "කන්දේ ගින්දර", "පියරවි ජ්‍යෝතිෂ ශබ්ද කෝෂය", "ජ්‍යෝතිෂ නදී ගැඹුර", "රන්වැකි", "ජ්‍යෝතිෂ හා දරුවාගේ ගින්දර" සහ "ජ්‍යෝතිෂ හා මරණයේ කැඩපත" යන කෘති හය එළිදැක්වීම ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී සිදු කෙරිණි.
     
    මෙම අවස්ථාවේ දී ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පුස්තකාලයට අනුබද්ධිතව ජ්‍යෝතිර් විද්‍යා පුස්තකාලයක් ස්ථාපිත කිරීම සහ ජ්‍යෝතිර් විද්‍යාඥයින්ට සම්මාන පිරිනැමීම ද අමාත්‍යවරයා විසින් සිදු කරන ලදී.
     
    ජ්‍යේෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ටී.බී. ඒකනායක, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්වරුන් සහ ප්‍රවීණ ජ්‍යේතිර්වේදීන් ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් මෙම අවස්ථාවට පැමිණ සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya