අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 සරුංගල් උත්සවය 19දා ගාලු මුවදොර දී

    ජූලි 09, 2014
    2014 සරුංගල් උත්සවය 19දා කොළඹ ගාලු මුවදොර පිටියේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
     
    ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යංශය විසින් දිවයිනේ සමාජ ඒකාබද්ධතාවය වර්ධනය කිරීම අරමුණු කොට ගෙන මෙම සරුංගල් උත්සවය සංවිධානය කරනු ලැබ ඇත.
     
    ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යංශය, එක්සත් ජාතින්ගේ ස්වේච්ඡා සේවය, සරුංගල් ශ්‍රී ලංකා සංවිධානය හා මහරාජා සංවිධානය එක්ව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ අනුග්‍රහයෙන් මෙම වැඩසටහන පැවැත්වේ.
     
    මෙම වැඩසටහනෙහි අතිරේක අංගයන් ලෙස භාෂා කුටි, සංගීත උළෙල, විවිධ සංස්කෘතින්ට ආවේණික ආහාර බෙදාහදා ගැනීමේ අවස්ථාවක් පැවැත්වීමට ද නියමිතය.
     
    DB/JM dmu Colombo

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya