අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "අමරදේව අසපුව" අනාගත කලා කෙත අස්වද්දවනවා - මුදල් ඇමැති

    අගෝස්තු 28, 2017
    පණ්ඩිත් අමරදේවයන් විසින් රටට දායාද කළ සියලු දේ ඉතිහාසයට පමණක් සීමා නොවී අනාගතයේ දී ශ්‍රී ලාංකේය කලාකෙත අස්වැද්දවීමට අමරදේව අසපුව තුළින් හැකියාව ලැබෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (28) බත්තරමුල්ල අපේගම පරිශ්‍ර යේ අමරදේව අසපුව මංගල ශිලා ප්‍රතිස්ථානය වෙනුවෙන් පැවැති උත්සවයට සහභාගි වෙමිනි.
     
    සැබෑ කලාකරුවා ජාතිවාදියෙකු නොවිය යුතු අතර ම ඔහුට දේශ සීමාවන් ද නොතිබිය යුතු බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා පණ්ඩිත් අමරදේශ ශූරීන් සිංහල භාෂාවෙන් පමණක් ගීත ගායනා කළ ද ජාතිවාදියෙකු නොවූ බවත් ඔහු ලක්දෙරණේ බිහිවූ ජනතාවාදී කලාකරුවෙකු බවත් පෙන්වා දුන්නේය.
     
    පසුගිය කාලයේ දී ජනතාවාදී කලාව පමණක් නොව කලාකරුවාද රාජ්‍ය උදහසට ලක් වූ බවත් පණ්ඩිත් අමරදේවයන් ද ඉන් පීඩාවට පත් වූ බවත් ඒනිසා ඔහුගෙන් නව නිර්මාණ බිහිනොවුණු බවත් අමාත්‍යවරයා කීය.
     
    පණ්ඩිත් අමරදේවයන්ගේ දීර්ඝකාලීන සිහිනයක් අද යථාර්ථයක් බවට පත්වන බවත් එවන් කිරීමට ලැබීම සතුටට කරුණක් බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya