අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාමසාන් ඉෆ්තාර් උත්සවයක් වැලිකඩ බන්ධනාගාරයේ දී

    ජූලි 03, 2014

    බන්ධනාගතව සිටින නේවාසික මුස්ලිම් රැඳවූවන් වෙනුවෙන් රාමසාන්-ඉෆ්තාර් ආගමික උත්සවයක් පුනරුත්ථාපන හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර සහ නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි මුතුකුමාරණ යන මහතුවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් අද (03) සවස 6.31ට වැලිකඩ බන්ධනාගාරයේ මුස්ලිම් ජුම්මා පල්ලියේදී පැවැත්විණි.

    පුනරුත්ථාපන හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගේ සංකල්පයකට අනුව බන්ධනාගාරගතව සිටින නේවාසික රැඳවියන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනය උදෙසා සියලුම ආගම් සඳහා විවිධ ආගමික වතාවත් සිදුකිරීමට පියවරගෙන ඇත. මෙය එහි එක් අවස්ථාවකි.


    මෙම අවස්ථාවට පුනරුත්ථාපන හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ජී.එස්. විතානගේ, අමාත්‍යාංශ අතිරේක ලේකම් (පාලන) එම්.අයි.අමීර්, අතිරේක ලේකම් (සංවර්ධන) නිමල් කොටවලගෙදර, අමාත්‍යාංශ ප‍්‍රධාන ගණකාධිකාරී මුනාස්, පරිපාලන නිලධාරී එච්.ඩී. ජයසිරි, අභ්‍යන්තර විගණන ෆොන්සේකා, බන්ධනාගාර කොමසාරිස් චන්ද්‍රරත්න පල්ලේගම යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

     

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya