අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශී‍්‍ර ලංකාවේ ඉහළින්ම පිහිටි අභය මුද්‍රාව සහිත විශාලතම සම්බුද්ධ ප‍්‍රතිමා වහන්සේ ඉදිකිරීම ඇරඹේ

    ජූනි 18, 2014

    මුහුදු මට්ටමේ සිට අඩි 6890ක් උසකින් පිහිටා ඇති නුවරඑළිය සිංගල් ටී‍්‍ර හි ශ‍්‍රී ස්වර්ණගිරි විවේක සේනාසන පරිශ‍්‍රයේ ඉදිකරන සම්බුද්ධ ප‍්‍රතිමා වහන්සේ ශී‍්‍ර ලංකා භූමියේ ඉහළම ස්ථානයක ඉදිවන අභය මුද්‍රාව සහිත විශාලත ම සම්බුද්ධ ප‍්‍රතිමාව වේ.


    උසින් අඩි 60කින් යුක්ත වන මෙම ප්‍රතිමාව ඉදිකිරීමේ සමාරම්භක අවස්ථාව පුද්ගලික ප්‍රවාහන අමාත්‍ය සී.බී. රත්නායක මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.ශී‍්‍ර ලංකාව සංවර්ධනය කරා යන ගමනේදී අධ්‍යාත්මික වශයෙන් පරිපුර්ණ ජනතාවක් රට තුළ සිටීම සංවර්ධනය කඩිනම් කිරීමට මහෝපකාරීවන බවත් එවැනි ජනතාවක් වෙසෙන රට තුළ සාමය හා සමෘද්ධිය ඇති කිරීම පහසු කටයුත්තක් බැවින් අධ්‍යාත්මික ගුණ වගාවෙන් පිරිපුන් ජනතාවක් රටට දායාද කිරීම උදෙසා සංඝරත්නය ගන්නාවු වෙහෙස අගය කළ යුතුව ඇතැයි අමාත්‍යවරයා එහිදී පැවසීය.


    නිර්මාණශීලී තරුණ පරපුර රටේ සංවර්ධනයට දායක කර ගැනීම රජයේ ඉලක්කයයි. අන් කවරදාටත් වඩා මේ යුගයේ රටේ සංවර්ධනය සඳහා තරුණ පරපුරේ කැපවීම අපට දක්නට ලැබෙනවා. එය රටේ ඉදිරි දැක්මට සුබපෙර නිමිත්තකි. මෙම බුද්ධ ප‍්‍රතිමා වහන්සේ නිර්මාණය කිරීම සඳහා නුවරඑළිය ප‍්‍රදේශයේ ජීවත් වන සිංහල, දමිළ, මුස්ලිම් ජනතාවගේ දායකත්වය ලැබී තියෙනවා. විශේෂයෙන් තරුණ කොටස් ජාති, ආගම් භේදයෙන් තොරව මෙම සත්කාර්යය සඳහා කැපවී සිටිනවා.


    මේ අයුරින් රටේ තරුණ ප‍්‍රජාව තුළ යහපත් ආකල්ප වර්ධනයවීමක් දක්නට ලැබීම ප‍්‍රශංසනීය බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වු සෞඛ්‍ය අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන මහතා "ආධ්‍යාත්මික වශයෙන් යහපත් සමාජයක් ගොඩනැගීමට බෞද්ධ ආභාෂය ඉතා වැදගත් බව කීය. බහු ආගමික, බහු වාර්ගික ජන කොටසක් ජීවත්වන නුවරඑළිය දිස්ති‍්‍රක්කය තුළ වෙසෙන ජනතාව නිවැරදි මගට යොමු කිරීමට ආගමික නායකයන් ගන්නා වෙහෙස අගය කරන බවද අමාත්‍යවරයා කීය. ශී‍්‍ර ස්වර්ණගිරි විවේක සේනාසනයේ විහාරාධිකාරි පූජ්‍ය කරුවලතොට නන්ද රතන ස්වාමීන් වහන්සේ මෙහිදී අනුශාසනාවක් පැවැත්වූහ.
     
    ප‍්‍රදේශයේ සැදැහැවත්හු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya