මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙවර කෑගල්ලේ පොසොන් වැඩසටහන් රැසක්

    ජූනි 11, 2014
    මෙවර පොසොන් පෝ දිනය නිමිත්තෙන් කෑගල්ල දිස්ත්‍රික්කය පුරා දාන, ශීල භාවනා මෙන්ම බැතිමතුන් හා වන්දනාකරුවන් උදෙසා දන්සැල් රැසක්ද සංවිධානය කොට ඇති බව සබරගමුව පළාත් සභාව සඳහන් කරයි. 
     
    ඒ අනුව ගලිගමුව මැතිවරණ කොට්ඨාසයේ අටාල, උඩුගම සියලු ම උදෑසන ආහාරවලින් සමන්විත දන්සැල හෙට (12) උදෑසන සබරගමු මහ ඇමති මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.
     
    තුසිත මිත්‍ර සංසදය, මහීපාල හේරත් ජන සහන පදනමේ ද සහය ඇතිව 15 වන වරටත් සංවිධානය කරන මෙම පොසොන් මහා දන්සල කොළඹ, අවිස්සාවේල්ල, කෑගල්ල මාර්ගය ඔස්සේ වට්ටාරම ඇතුළු කෑගලු දිසාවේ විහාරස්ථාන වැඳ පුදාගැනීම සඳහා දුරබැහැරින් පැමිණෙන දහස් සංඛ්‍යාත බැතිමතුන්  සහ වන්දනාකරුවන් උදෙසා සංවිධානය කරන්නක් යැයි එම දන්සල් කමිටුවේ ප්‍රධාන සංවිධායක පද්මසිරි බණ්ඩාර මහතා සඳහන් කළේ ය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya