මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහසමයම යළිත් වේදිකාවට

    ජූනි 09, 2014

    මහාචාර්ය ආරියරත්න ඇතුගලගේ ‘මහසමයම’ දෘශ්‍ය කාව්‍ය 26, 27 හා 28 යන දිනවල නැවතත් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංගශාලාවේ දී රංගගත වීමට නියමිත ය.


    පේ‍්‍රක්ෂක ඉල්ලීම් මත වේදිකාගත කිරීමට යෝජිත ‘මහසමයම’ දෘශ්‍ය කාව්‍ය පාසල් ප‍්‍රජාවේ ආකර්ෂණයට ලක් ව තිබේ. මෙවර පාසල් දර්ශන සඳහා කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල හා අනුරාධපුරය යන දිස්ති‍්‍රක්කවලින් පාසල් 25කට ආසන්න ප‍්‍රමාණයක සිසු සිසුවියන් සහභාගි වීමට නියමිතය.


    එසේ ම එම නාට්‍ය පාසල් දර්ශනය සඳහා වේදිකාගත කරන දිනවල පාසල් සිසුන් සඳහා නාට්‍යකරණය පිළිබඳ කෙටි දේශන මහාචාර්ය ආරියරත්න ඇතුගල හා ප‍්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනි විසින් පැවැත්වීමට නියමිත ය.


    ලංකාවේ ප‍්‍රවීණතම ප‍්‍රතිභාපූර්ණ නළු නිළි කැළක් රංගන දායකත්වය සපයන මහසමයමෙහි ජැක්සන් ඇන්තනි, ශි‍්‍රයන්ත මෙන්ඩිස්, නිශ්ශංක දිද්දෙණිය, චන්න විජේවර්ධන, රවිබන්දු විද්‍යාපති, ඉන්දිකා උපමාලි, චතුරිකා පීරිස්, මාදනී මල්වත්තගේ, ජනක රණසිංහ, කුමාර තිරිමාදුර යන කලාකරුවෝ වෙති.  200කට අධික රංගන ශිල්පීන් පිරිසක් රංගනයෙන් සහභාගිවන අතර විශාරද සමන්ත පෙරේරා සංගීත අධ්‍යක්ෂණ කරයි.


    26 හා 27 දිනවල පාසල් දර්ශන පෙ.ව. 10.30ට හා 28 වන දින මහජන දර්ශනය පස්වරු 6.30ට වේදිකාගත කිරීමට නියමිත ය.


    මෙම දෘශ්‍ය කාව්‍ය නැරඹීම සඳහා ප‍්‍රවේශපත‍්‍ර සදීපා පොත්හල බොරැල්ල, සරසවි පොත්හල නුගේගොඩ සහ මහරගම, Vibrations  ආයතනය යුනියන් පෙදෙස, වනපෙත පොත්හල දෙහිවල, යමහා මියුසික් සෙන්ටර්, නෙළුම් පොකුණ රඟහලේ ප‍්‍රවේශපත් අලෙවි කිරීමේ කවුන්ටරය සහ Tickets.lk කාර්යාලය 113, 5 වන පටුමග, කොළඹ 03 යන ස්ථානවලින් ලබා ගත හැකි ය. විද්‍යුත් මාධ්‍ය අනුග‍්‍රහය ‘සිරස’ fm , ‘සිරස’ tv  සපයයි. එසේ ම www.tickets.lk  සහ  www.mahasamayama.lk  යන වෙබ් අඩවි මඟින් ද ටිකට් පත් වෙන් කර ගැනීමට හැකියාව ඇත. 

     

    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya