අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලස්සන හක්මන පොසොන් කලාපය 12 සිට 15 දක්වා

    ජූනි 08, 2014

    ලස්සන හක්මන පොසොන් කලාපය සහ ශ්‍රී ජයසුමනාරාම විහාරස්ථානයේ 77වැනි මිහිඳු මහා පෙරහැර ලබන 12 සිට 15 දක්වා හක්මන නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.


    දන්සැල්, දර්ශනීය තොරණ සහ පහන් කූඩුවලින් සමන්විත ලස්සන හක්මන පොසොන් කලාපය මේ මස 12 වන දි ආරම්භ කෙරේ. එදින පාසල් හා දහම් පාසල් සිසුන්ගේ සහභාගීත්වය ඇතිව බොදු බැති ගී ප්‍රසංගයක් ද පැවැත්වේ.


    මෙම පොසොන් කලාපයට සමගාමීව ලබන 13 වැනි දින මාතර හා හම්බන්තොට දෙදිසාවේ ගායක ගායිකාවන්ගේ සහභාගීත්වයෙන්  බැති ගී ප්‍රසංගයක් සහ සංස්කෘතික අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සංස්කෘතික සංදර්ශනයක් ද පැවැත්වේ.


    14 වන දින පස්වරු 7.00ට හක්මන ශ්‍රී ජයසුමනාරාමයේ මිහිඳු මහා පෙරහැර වීථී සංචාරය කෙරේ.


    15 වන දින මහජන බැංකු සේවක සේවිකාවන් විසින් ඉදිරිපත් කරනු ලබන භක්ති ගී ප්‍රසංගයක් ද පැවැත්වේ.
     

    මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණී සේදර සෙනරත් යන මහත්වරුන්ගේ සංකල්පයක් අනුව  පැවැත්වෙන මෙම පොසොන් කලාපයට සමගාමීව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත සිදු කරනු ලබන ප්‍රදේශයේ ඓතිහාසික වෙහෙරවිහාර නවීකරණය වැනි කටයුතු මෙන්ම ප්‍රදේශයේ මහජනතාවට පොදු පහසුකම් ලබාදීමේ වැඩසටහන් රාශියක් ක්‍රියාවට නැංවීම සිදු කෙරේ.

     

    ECB

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya