අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොසොන් බැති ගී තරගාවලිය හා බැති ගී සරණිය

    ජූනි 06, 2014

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ, හඟුරන්කෙත ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දහම් පාසල් අතර පොසොන් බැති ගී තරගාවලියක් සංවිධානය කොට ඇත. හඟුරන්කෙත ශාසනාරක්‍ෂක බල මණ්ඩලයට අයත් දහම් පාසල් අතර, පැවැත්වෙන මෙම පොසොන් බැති ගී තරගාවලියේ හොඳම ගායනා ඉදිරිපත් කරන දහම් පාසල් 10ක් අවසන් මහ තරගය සඳහා තෝරා ගැනීමට නියමිතය.

    මෙම දහම් පාසල් 10 විසින් ඉදිරිපත් කරනු ලබන පොසොන් බැති ගී සරණිය, පොසොන් පොහෝ දින (12) ප.ව. 6.30 සිට හඟුරන්කෙත පොත්ගුල් මාලිගා විහාර මළුවේදී පැවැත්වේ. මින් ජය ගන්නා දහම් පාසල් කණ්ඩායම් සඳහා ත්‍යාග ලබා දීමට ද සංවිධායක මණ්ඩලය කටයුතු යොදා ඇත.

    ප‍්‍රථම ස්ථානය සඳහා රුපියල් ලක්‍ෂයක් (රු.100,000) ද දෙවන ස්ථානය සඳහා  රුපියල් හැත්තෑපන් දහසක් (රු.75,000) ද තෙවන ස්ථානය සඳහා රුපියල් පනස් දහසක් (රු. 50,000) ද වටිනා දහම් පාසලට අවශ්‍ය උපකරණ ලබාදීමට ද  ඉතුරු දහම් පාසල් 07ක් සඳහා රුපියල් විසිපන් දහසක (රු.25,000) වටිනා කමකින් යුතු දහම් පාසලට අවශ්‍ය උපකරණ ද ත්‍යාග වශයෙන් පිරිනැමේ.

    හඟුරන්කෙත ශාසනාරක්‍ෂක බල මණ්ඩලය, සී.බී. රත්නායක පදනම, හඟුරන්කෙත ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය හා හඟුරන්කෙත ප‍්‍රාදේශීය සභාව එක්ව මෙය සංවිධානය කරයි.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya