අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බන්ධනාගාර රැඳවියන්හට ධර්මදේශනා මාලාවක්

    ජූනි 05, 2014
    මහින්ද චින්තන ඉදිරි දැක්ම ක්‍රියාවට නංවමින් බන්ධනාගාර ගතව සිටින රැඳවුවන්ගේ පුනරුත්ථාපන ක්‍රියාවලිය ගුණාත්මකව ඉහළ නැංවීමේ අරමුණින්  බන්ධනාගාර තුළ ධර්මදේශනා මාලාවක් පැවැත්වීමට පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය මගින් කටයුතු යොදා ඇත.
     
     
    බන්ධනාගාරගතව සිටින රැඳවියන් පුනරුත්ථාපනය සඳහා ඔවුන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනයට විශේෂ අවධානයක් යොමුකොට එක් එක් බන්ධනාගාරය තුළ සිටින රැඳවියන්හට බුදු දහම තුළින් ජීවිතය ගොඩනැගීම යන තේමාව යටතේ මෙම ධර්මදේශනා මාලාව පැවැත්වේ.
     
    මේ සඳහා සම්පත් දායකත්වය පූජ්‍යපාද මහව, කෝන්වැව, ගල්ලව වෙහෙර ආරණ්‍ය සේනාධිකාරී සහ වෑඋඩ දොඩන්තලාව ආරණ්‍ය සේනාධිකාරී කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප හිමියන් විසින් ලබාදීමට නියමිතය.
     
    මෙම ධර්ම දේශනා මාලාව පසුගිය 29 වැනි දින පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරින් ආරම්භ කළ අතර, අද (05) වන දින කොළඹ බන්ධනාගාරයෙත්, වැලිකඩ බන්ධනාගාරයෙත්, මේ මස 09 වන දින වාරියපොළ බන්ධනාගාරයෙත් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
     
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya