අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෝටල් කළමනාකරණය පශ්චාත් උපාධි පාඨමාලාවේ සමාරම්භක උළෙල 15 දා

    ජූනි 04, 2014
    කොළඹ විශ්වවිද්‍යාලය මගින් ආරම්භ කර ඇති සංචාරක, ආර්ථික විද්‍යා හා හෝටල් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලාවේ තෙවන කණ්ඩායම බඳවා ගැනීමේ සමාරම්භක උළෙල මෙම මස 15 වෙනි දින පෙ.ව.10.00 ට කොළඹ විශ්වවිද්‍යාලීය ප‍්‍රධාන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ.
     
    උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උළෙලට කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ආචාර්ය කුමාර හිරිඹුරේගම මහතා ඇතුළු සංචාරක ක්ෂේත‍්‍රයට සම්බන්ධ සංවිධානයන්හි නියෝජිතයින් රැසක් සහභාගී වීමට නියමිතය.
     
    සංචාරක ක්ෂේත‍්‍රයේ රැකියාවල නියුතු වූවන්ට සිය වෘත්තීයමය හැකියාවන් වර්ධනය කර ගැනීමට අවස්ථාවක් ලබා දීමේ අරමුණින් කොළඹ විශ්වවිද්‍යාලය මගින් මෙම පාඨමාලාව ආරම්භ කර ඇත.
     
    මෙමගින් ශ‍්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත‍්‍රයේ රැකියාවල නියැළී සිටින සහ එම ක්ෂේත‍්‍රය පිළිබඳව උනන්දුවක් දක්වන අයට අවශ්‍ය න්‍යායික, සංකල්පමය සහ විශ්ලේෂණාත්මක ප‍්‍රවීණතාව ලබා දීමට අපේක්ෂා කෙරේ.
     
    මෙම පාඨමාලාව හරහා සංචාරක කර්මාන්තයේ තීරණ ගන්නන්, සැලසුම්කරුවන්, ප‍්‍රතිපත්ති සම්පාදකයින් සහ වෙළෙඳපොළ විශ්ලේෂකයන් සහ සංචාරක ක්ෂේත‍්‍රයට අවශ්‍ය නව ව්‍යවසායකයින් බිහි කිරීමට අවශ්‍ය පදනම සැකසෙන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, පාඨමාලා සම්බන්ධීකාරක ආචාර්ය සුරංග සිල්වා මහතා පවසයි.
     
    ECB/dm_cmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya