අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වීරකැටිය සුසීල හිමියන්ගේ උපසම්පදා පුණ්‍යෝත්සවය 06වනදා

    ජූනි 04, 2014

    රන්දොඹේ ශික්ෂාලංකාර මහා පිරිවෙනෙහි ධර්ම ශාස්ත්‍රොද්ග්‍රහණය කරන වීරකැටිය සුසීල පොඩි හාමුදුරුවන් අධිශීල සංඛ්‍යාත සුපරිශුද්ධෝත්පසම්පත්තියට පැමිණවීම නිමිත්තෙන් උපසම්පදා පුණ්‍යෝත්සවය මේ මස 06 වනදා සිදු කෙරේ.


    උපසම්පදාවෙහි පිහිටුවීම ජූනි 6 වැනි දින පස්වරු 1.30ට බලපිටිය වැලිතර, මහා කප්පිණ සීමා මාලකයේ දී අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ මහා නායක මහෝපාධ්‍යාය අතිපූජ්‍ය අහුන්ගල්ලේ සිරි සීල විසුද්ධි මහනාහිමිපාණන් විසින් සිදු කරනු ලබයි.


    ඒ අනුව මේ මස 07 වන දින ප.ව. 3.00 සිට 5.00 දක්වා  පිළිගැනීමේ පෙරහැර හා දහම් හමුවක් රන්දොඹේ සංඝරාජ මහා විහාරයේදී සිදු කිරීමට කටයුතු යොදා ඇත.


    අම්බලන්ගොඩ රන්දොඹේ සංඝරාජ මහා විහාරාධිපති, අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ අනුනායක කොස්ගොඩ සුභූති මහාස්ථවිරයන් වහන්සේ තම ශිෂ්‍ය හිමියන්ගේ මේ උතුම් පුණ්‍යකර්මයට සහභාගී වන මෙන් ගෞරවයෙන් දැනුම් දෙති.


    ECB/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya